Showing posts with label රසවිඳුනාව. Show all posts
Showing posts with label රසවිඳුනාව. Show all posts

Monday, December 5, 2016

ඉතිං අායෙමත් ලියන්න සේකර මා අාදර කිවිඳේ .. : මේ ගීය නෑසූ ඔය සවන් කුමටද?


සේකර නික්ම ගොස් ය. සරත්චන්ද්‍ර නික්ම ගොස් ය. ජෝතිපාල නික්ම ගොස් ය. කපුගේ නික්ම ගොස් ය. කේමදාස නික්ම ගොස් ය. අමරදේව ද ගිය මාසයේ නික්මිණ. මහා හිස්තැනක්, දරාගත නො හැකි සාංකාවක් දැනේ. ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට සිතෙන්නේ නැත. එය අාත්මාර්ථකාමී සිතිවිල්ලක් බව සැබැවි. එ්ත් මේ පිරිස නැති සංසාරය කෙතරම් නීරස වනු අැත්දැයි නිකමට සිතා බලන්න. නැවත නැවත සංසාරේ හමුවන්නට පතන කීප දෙනා අතර ඔවුහු නිසැක ව ම හිඳිති.

Friday, August 19, 2016

රසිකත්වයේ උමතු චමත්කාරය අත් විඳිමින් මා තේරූ ගී



ඉතිං තවදුරටත් සිතමින් සිට ඵලක් නැත. ඒ අභියෝගයට මුහුණ දිය යුතුය. එහෙත් පටන්ගත යුත්තේ කොතැනින්ද, කෙළවර කළ යුත්තේ කොතැනින්ද කියා සීමා නිර්ණය කර ගැනීම අසීරුය. අභියෝගත් තිබේ. එහෙත් මෙහෙමත් අභියෝග ඉදිරිපත් කොට රසික සහෘදයින් 'පෙළීම' කෙතරම් සොඳුරු වේදනාවක්ද? සිතිවිලි නවතාගනිමි. ක‍ෙතරම් දිගු ගමනක් යාමට වුව අනිවාර්යයෙන්ම පළමු පියවර තැබිය යුතුමය.