Friday, February 23, 2018

කාක ප්‍රේමයක්


'අන්න අර කපල් එක අදත් අැවිත් !'
'අැයි ඉතිං ඔයාට ඉරිසියයිද?'
'ඉරිසියාවට නෙවෙයි. ඒ වගේ සීන් එකක් දැක්කම දවසම සිරියාවයි.'
'හ්ම්.. ඒ මතකයන් එක්කම ගෙදර යන්නත් පුළුවනිනෙ නේද?'
'ඉරිසියාවකුත් නැත්තෙම නෑ. අපි ඔෆිස් එනව වැඩ කරන්න. උන් ඔෆිස් එක ළඟට එනව ලව් කරන්න.. ඉරිසියා නැද්ද ඉතිං..'
'අන් සතු සැපතට ඊර්ෂ්‍යා නොකරන්න කියල දහම් පාසලේ ඉගැන්නුවෙ නැද්ද?'
'ඔනැම නං ඉතිං... අපටත් ඒ කපල් එක අනුගමනය කරන්න බැරිකමක් නෑ!'
'ඒ කිව්වෙ?'
'ලව් කරන්න, ඔෆිස් එන්න!'
'මරු ස්ලෝගන් එක.'
'දැක්කද පිරිමි බලන්නෙම අවස්ථාවක් පාදා ගන්න.'
'අවසර, කල්, රහස් තැන... මොකද්ද මචං ඒකෙ ඉතුරු පද ටික...?'