Friday, August 19, 2016

රසිකත්වයේ උමතු චමත්කාරය අත් විඳිමින් මා තේරූ ගී



ඉතිං තවදුරටත් සිතමින් සිට ඵලක් නැත. ඒ අභියෝගයට මුහුණ දිය යුතුය. එහෙත් පටන්ගත යුත්තේ කොතැනින්ද, කෙළවර කළ යුත්තේ කොතැනින්ද කියා සීමා නිර්ණය කර ගැනීම අසීරුය. අභියෝගත් තිබේ. එහෙත් මෙහෙමත් අභියෝග ඉදිරිපත් කොට රසික සහෘදයින් 'පෙළීම' කෙතරම් සොඳුරු වේදනාවක්ද? සිතිවිලි නවතාගනිමි.‍ෙතරම් දිගු ගමනක් යාමට වුව අනිවාර්යයෙන්ම පළමු පියවර තැබිය යුතුමය.


Tuesday, August 2, 2016

තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමකි. - දයා‍ස‍ේන ගුණසිංහ



මෙරට විසූ විශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහ මහතා විසින් 1989 නොවැම්බර් මස 06 වැනි දින 'විදුසර' පුවත්පතේ දෙවර්ෂ පූර්ණ අතිරේකයට ලියන ලද මෙම ලිපිය උපුටා දක්වන්නට සිතුවේ, දශක තුනකට අාසන්න කාලයකට පෙර වුව ගුණසිංහයන් ඉදිරිපත් කර ඇති අදහස් මූලධාර්මික වශයෙන්, ‍අප‍ේ රටේ ජනමාධ්‍ය සම්බන්ධ වර්තමාන කතිකාවටද වැදගත් බැවිනි.



දෙවියන් වහන්සේ යම් අයකු සමග ඉතා තදින් උරණ වූ විට එම තැනැත්තා තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියකු බවට පත් කරතැයි කියමනක් පුවත්පත් ලෝකයේ වෙයි. සැබැවින්ම තුන්වැනි ලෝකයේ පුවත්පත් කලාවේදියා‍ වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමක් යැයි සිතෙන තරමට ඔහුගේ වෘත්තිය දුෂ්කරය. එමෙන්ම කටුකය. එහෙත් ඇතැම් විට එය අන් කිසිදු වෘත්තියකින් නොලැබිය හැකි තරමේ තෘප්තියක් හා චෛතසික සුවයක් ලබා දෙන වෘත්තියක් බවද කිය යුතු වේ.