Showing posts with label සම්මුඛ සාකච්ඡා. Show all posts
Showing posts with label සම්මුඛ සාකච්ඡා. Show all posts

Saturday, December 10, 2016

මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම : වනාන්තරයකදී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය.



2001 වසරේදී මෙරට වනාන්තර විෂයය පැත්තෙන් එක්තරා බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබිණ. එනම්, අැමරිකා එක්සත් ජනපදය තමන්ට ලෝකයේ රටවල් අැති ණය හිලව්වට ඒ රටවල අැති වනාන්තර  අැමරිකාවට පවරාගැනීමට අවශ්‍ය නීතියක් අැමරිකාවෙහි සම්පාදනය කරගෙන අැති බවයි. මෙය මෙරට පරිසර ක්ෂේත්‍රයේ බලවත් සංවාදයක් අැති කරන්නට සමත් විය. මේ කාරණය නිමිති කරගෙන 'සිතිජය' සඟරාවේ කවරයේ කතාව ලියන්නට අපි කටයුතු කළෙමු. 

Wednesday, December 7, 2016

ගංගාෙඩවිල සෝම හිමියන් සමග අහඹු දේශපාලන සංවාදයක්



ඒ, 2002 දෙසැම්බරයයි. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් තමන් දේශපාලනයට පිවිසෙන්නට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කොට තිබූ අතර, මේ පිළිබඳ ව සමාජයෙහි සෑහෙන අාන්දෝලනයක් අැති වී තිබිණි. මේ කාරණය කේන්ද්‍ර කරගෙන 'සිතිජය' සඟරාවේ 2003 ජනවාරි කලාපයේ කවරයේ කතාව සකස් කරන්නට අපි සූදානම් වෙමින් සිටියෙමු.