මිනිස් සමාජය මුහුණ පා තිබෙන අර්බුද, තර්ජන සම්බන්ධ
කතිකාවන් අපට නිරන්තරව අසන්නට දකින්නට ලැබෙන නමුත් එම කතිකාව තුළ එතරම් හෝ කොහෙත්ම
හෝ අවධානයට ලක් නොවන කාරණයක් තිබේ. එනම් වර්තමාන ලෝකය තුළ භාෂා මුහුණ පා තිබෙන තර්ජනයයි.
හෙවත් භාෂා අභාවයට යාමයි. භාෂා අභාවයට යාම එතරම් අවධානයට ලක් නොවී ඇත්තේ එය අභාවයට
යාම නිසා මිනිස් සමාජයට වන අහිතකර බලපෑම සුලුපටු නිසා යැයි සිතිය නොහැකිය. භාෂා
හමුවේ වන මේ අනතුර සම්බන්ධ පළල්, ලෝක මට්ටමේ ප්‍රබල කතිකාවක් ගොඩ නැඟී නැත්තේ
වර්තමාන ලෝකයේ ප්‍රබල ජාතීන් කිහිපය භාවිතයට ගන්නා භාෂාවන් හමුවෙහි එම තර්ජනය
සැලකිය යුතු මට්ටමක නොවීමය. සහ ලෝකයේ අභාවයට යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන භාෂාවන්ට
එම තර්ජනය එල්ල වී ඇත්තේ අධිපති භාෂා වෙතින් වීමය. මේ අනුව ගත් විට වර්තමාන ලෝකයේ
භාෂා අභාවයට යාම හුදු භාෂාව සම්බන්ධ කතිකාව ඉක්මවා ගොස් ලෝකයේ බල දේශපාලන ආධිපත්‍යය
සම්බන්ධ දේශපාලන කතිකාවටද නියතයෙන්ම සම්බන්ධ වී පවතී. 'කුරියර්' සඟරාව ඇසුරින් මා
විසින් ලියැවුණු මෙම ලිපිය මුල් වරට 'මුරගල' සඟරාවේ 2008 පෙබරවාරි කලාපයේ පළවිය.
එහි අන්තර්ගත කාරණාවන්හි වැදගත්කම සලකා එය මෙසේ නැවත ඔබ වෙත ඉදිරිපත් කරන්නට
සිතිණි.
Wednesday, June 29, 2016
Sunday, June 26, 2016
සෑම කෙනෙකුටම කතාවක් තිබේ : පුවත්පත්කලාවෙන් බ්ලොග්කලාවට මගේ සම්ප්‍රාප්තිය
පුවත්පත්කලා ජීවිතයෙන් සමුගෙන වසර 5-6ක් විතර ගතවෙලා. ආපසු හැරී බලද්දී
දැනෙන දේවල් බොහොමයි. ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ පටන්ම
පුවත්පත් කලාව ගැන මගේ හිතේ තිබුණේ දැඩි කැමැත්තක්. පාසලේ නිර්මාණ පර්ෂදයේ බිත්ති
පුවත්පතේ, ‘සිල්ප දෙනුමැයි‘ සඟරාවේ ලිපි නිර්මාණ පළ වුණේ ඒ නොනිමි කැමැත්තේ ප්‍රතිඵලයක්
විදියට.
Subscribe to:
Posts (Atom)