Tuesday, November 29, 2016

වෙළෙඳ ප්‍රචාරණයේ සමාජ බලපෑම

අප කැමති වුවත් අකැමති වුවත් අප එයට අඩු වැඩි වශයෙන් ගොදුරු වී අවසන් ය. අපට ඒ වෙතින් ගැලවී අපගේ ජීවන චර්යාවන් මෙහෙයවා ගත නොහැකි තරමට එය විසින් අපගේ ජීවිත හසුරුවනු ලබමින් සිටී. අපගේ ජීවන අභිලාෂයන් තීරණය කරනු ලබන්නේ තවදුරටත් අප විසින් නො ව, එය විසිනි. මිනිස් ජීවිතය කෙරෙහි මෙතරම් බලපෑම් සහගත ලෙස ක්‍රියාත්මක වන්නා වූ එම යාන්ත්‍රණය වූ කලී අන් කිසිවක් නො ව, වෙළෙඳ ප්‍රචාරණයයි. සම්පූර්ණ ලිපිය මෙතැන.

8 comments:

  1. ප්‍රභාත් මේක කොහෙට කොතන ලියපු එකක්ද..ප්‍රින්ට් එකක් අරන් ප්‍රයෝජනෙට ගන්න ඇහුවෙ... 2016 PR advance Diploma එක කරන ලමයින්ට වෙනමම කෝනයකින් බලන්න පුලුවන් වෙයි මේ විෂයය..

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය කලා හා කළමනාකරණ පාසල‍ේ(SMAM) 'වෙළෙඳ ප්‍රචාරණ ඩිප්ලෝමාවේ' පැවරුමකට මා විසින් කළ එකක්.
      ඔබට අවශ්‍ය කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්න.

      Delete
  2. මගේ පොඩි එකාට ලෝකේ තියෙන හොඳම දේවල් තමයි ටී.වී. එකේ ඇඩ් වලට යන දේවල්.

    ReplyDelete
    Replies
    1. ප‍ොඩි එවුන් නම් කමක් නෑ කියමුක‍ො. ලොකු එවුනුත් ල‍ෝක‍ෙ තිබ‍ෙන හොඳම දේවල් හැටියට විශ්වාස කරන්නේ අැඩ්නේ.අාගමක්, දේශපාලනයක් ප්‍රශ්න කළාට, සැක කළාට කවුරුත් කොන්දේසි විරහිතව, ප්‍රශ්න කිරීමකින් තොරව අැඩ් භාරගන්නවනේ.

      Delete
  3. වර්තමානයට හොඳටම ගැලපෙන කියවිය යුතුම ලිපියක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙවැනි තව ලිපි කිහිපයක් සූදානමින් තිබෙනවා.
      තව ටික දවසකින් පළ කරන්නම්.
      ස්තූතියි ගස් !

      Delete
  4. ඉතාම හොඳ විශ්ලේෂණයක්. අල්පේච්ජතාවයට ගර්හා කර බහුභාණ්ඩිකත්වය වෙත පෙළඹවීම නිසා තමයි අද වෙළඳපොල පවතින්නෙ. මේ දේවල් පිළිබඳව සමාජය දැනුවත් කරීම අනිවාර්ය සාධකයක් වෙලා තියෙන්නෙ දැන්. ස්තූතියි මෙවැනි කරුණු සමාජගත කරනවට.

    මේ මම මේ සම්බන්ධයෙන් ලියපු ලිපිය.

    දිලිසෙන දේවල් එකතු කිරීම.
    http://adahasawakashaya.blogspot.com/2016/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. මෙවැනි වෙළඳ ප්‍රචාරණය ගැන සංවාදාත්මක ලිපිවලට පුවත්පත්වල ඉඩ නැහැනේ 'අදහස් අවකාශය'. මට හැකි තරමින් මේ සමාජගත විය යුතුම අදහස් බ්ලොගය හරහා සමාජගත කරමින් ඉන්නේ,මගේ මාධ්‍ය කලාව අතීතයේ පටන්ම සමාජ වගකීමක් ලෙස මා හඳුනාගෙන සිටි නිසයි.
      ස්තුතියි ගොඩ වැදුනට.

      Delete