ඉර හඳ අාලෝකය අතරේ ද,
අරුන්දතී තරුවෙහි ද,
පාළාෙස්වක සඳෙහි ද
ඔබේ හඬ ය.
නේරංජනාවේ වැලි තල අතරේ ද,
අනුරාපුර තිසා වැව් තලයේ ද,
සීගිරි ගිරි ශිඛරයේ ද,
හන්තාන කඳු මුදුනේ ද,
කොළොම්තොට ඉසව්වේ ද
ඔබේ හඬ ය.
ගුරු පාරේ ද,
තොටමුණෙහි ද,
අවන්හලෙහි ද
ඔබේ හඬ ය.
ප්‍රේමයේ ද,
විරහවේ ද
ඔබේ හඬ ය.
පීතෘ සෙනෙහෙහි ද,
මාතෘ සෙනෙහෙහි ද,
සෝයුරු සෙනෙහෙහි ද
ඔබේ හඬ ය.
සම්පයෝගයෙහි ද,
විප්පයෝගයෙහි ද
ඔබේ හඬ ය.
ගාන්ධර්වයාණෙනි,
සංසාරය ද,
නිවන ද
ඔබේ හඬ ය.
සුබ ගමන් එතුමාට, ලස්සන ලිපිය.
ReplyDeleteනොනිමි හඬය
ReplyDeleteගී ලොවේ මුදුනය
අප අතර අද නැතිය
ලැබේවා නිවන් සුවය.......
ජයවේවා!!!
බොහොම හොඳ සමුදීමක්. අමරදේවයන් මෙලෙස සංක්ෂිප්ත කොට දැක්වීම අපහසු වුනත්, ඔබ එය සාර්ථකව කර තිබෙනවා.
ReplyDeleteඒ හඬ සේම මේ පද ද නිවනසුළුයි...
ReplyDeleteජයවේවා..!!
විශ්‍රාම නොගිය සංගීතඥයා.................
ReplyDelete+++++
ReplyDelete