Monday, July 11, 2016

කටකතා : මහා ජනමාධ්‍ය පරදවන චූල සන්නිවේදනය



ලාංකේය සමාජය තුළ කටකතා මගින් ප්‍රබල, එසේම සැඟවුණු භූමිකාවක් ඉටුකෙරෙමින් තිබෙන බව වඩාත් විමසිලිමත්ව බැලූ විට හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මැතිවරණ කාල වකවානුවලදී මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව දැකිය හැකි වේ. වෙළෙඳ ප්‍රචාරණය තුළද කටකතා විශේෂ කාර්යභාරයක් සිදු කරමින් සිටී. එසේම නූතනය වන විට කට කතා සඳහා මූලාශ්‍ර සපයමින් ඇත්තේ අන්තර්ජාලය බවද හඳුනාගැනීමට පිළිවන. පැරණි ග්‍රාමීය සමාජයේ සිට නූතන සයිබර් අවකාශය දක්වාම පැතිර ආ කටකතාව නමැති අවිධිමත් සන්නිවේදන ක්‍රමයේ සන්නිවේදනාත්මක හැඩරුව කෙබඳුද? කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා සමග මා විසින් කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන් සැකසුණු මෙම ලිපිය, 'කටකතාව' නමැති චූල සන්නිවේදන ක්‍රමය පිළිබඳ සන්නිවේදන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරයි. මෙම ලිපිය මුල් වරට 'මුරගල' සඟරාවේ 2007 නොවැම්බර් කලාපයේ පළ විය.

සන්නිවේදනය යනුවෙන් හැඳින්වෙන්නේ මිනිසාගේ අදහස් උදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. සන්නිවේදන වර්ගීකරණය තුළ පුද්ගලාන්තර සන්නිවේදනය ප්‍රධාන කොටසකි. කටකතාව දැකිය හැක්කේ මෙම පුද්ගලාන්තර සන්නිවේදනය තුළය. සාමාන්‍ය සමාජයේදී කටකතාව යන්න පාවිච්චි කෙරෙන්නේ පුද්ගලාන්තර සන්නිවේදනය යන අර්ථයට වඩා වෙනස් අර්ථයකිනි. 'යහපත් දෙයක් සඳහා නොවන' බවක් 'කටකතාව' යන්නෙන් ඇඟවේ. කෙසේ වතුදු කටකතාව නිර්වචනය කරගත හොත්, පැරණි කාලයේ මිනිසා අන්‍යයන්ට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා යොදාගත් උපක්‍රමයක් ලෙස සඳහන් කළ හැකිය. නමුත් පැරණි කාලයේ පමණක් නොව අද පවා සන්නිවේදනයේ ප්‍රධානතම අදහස් හුවමාරු කරගැනීමේ ක්‍රම රටාවක් ලෙස 'කටකතාව' හඳුනාගත හැකිය. මේ අනුව කටකතාව යන්නට විවිධ අර්ථ තිබුනද කටකතාව සන්නිවේදන විධි ක්‍රමයක් ලෙස ගත් විට ඈත අතීතයේ සිටම මිනිසා පවත්වාගෙන එනු ලබන විධික්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. 


කටකතාව දෙස සන්නිවේදන ප්‍රවේශයකින් බැලූ විට දැකිය හැක්කක් තිබේ. එනම් මිනිසා හුදෙකලාව විසිය හැකි අයකු නොවන නිසා මිනිසාට තම අදහස් අන් කෙනෙකු සමග  ප්‍රකාශ කරන්නට නිරන්තර අපේක්ෂාවක් තිබේ. ඔහු ඒ සඳහා යොදාගන්නා මූලාශ්‍ර, යම් යම් තොරතුරු ලබාගන්නා ක්‍රමවේද ගත්විට ඒවා විවිධාකාර විය හැකිය. කටකතාවක් යම් ආකාරයකට ගොඩනැගීම සිදුවන්නේ ඒ අනුවය. කටකතාව සම්බන්ධව නිශ්චිත වර්ගීකරණයක‍් නොමැති නමුත් කටකතාව තුළ තිබෙන ඒ ඒ මූලාශ්‍ර පදනම් කර ගැනීමේ ස්වරූපය මත එය කිසියම් වර්ගීකරණයකට පාත්‍ර කළ හැකිය.  සමාජය තුළ කිසියම් විධියක ජනමතයක් නිර්මාණය කිරීම සඳහා ප්‍ර‍යෝජනවත් වන කටකතා තිබෙන්නට පුළුවන. ඇතැම් පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ, යම් යම් ක්‍රියාකාරකම්, අකටයුතු ප්‍රකාශ වන කටකතා තිබෙන්නට පුළුවන. එමෙන්ම මිනිසා පරිසරය සමග සම්බන්ධ වීමේදී පරිසරය සමග‍ ගොඩනඟාගන්නා යම් යම් ක්‍රම උපක්‍රම ප්‍රකාශ කිරීම සඳහා වන කටකතා තිබෙන්නට පුළුවන. මෙලෙස කටකතාව එහි ප්‍රකාශන විධි ක්‍රමය අනුව යම් බෙදීමකට ලක් කළ හැකිය. ඒ හැරෙන්නට සන්නිවේදන විද්‍යාව තුළ නිශ්චිත වර්ගීකරණයකට කටකතාව පාත්‍ර වී නැත්තේ කට කතා පිළිබඳ පර්ය‍යේෂකයින්ගේ දැඩි අවධානයක් යොමු වී නොමැති හෙයිනි. නමුත් කටකතාවේ ස්වරූපය කිසියම් විද්‍යාත්මක ආකාරයකට මැනීමේ හැකියාවක් තිබේනම් එය ඉතා වැදගත් වේ.


කටකතාවල ස්වරූපය අනුව බලන විට‍, දේශපාලන, සමාජ- සංස්කෘතික ජනමත නායකයින් අරමුණු කරගෙන කටකතා ප්‍රචලිත වේ. වර්තමානයේ වුවද කිසියම් ක්ෂණික සිදුවීමක් ජනමාධ්‍යවලටත් පෙර කටකතා මගින් ප්‍රචලිත වීමට පුළුවන. උදාහරණයක් ලෙස ප්‍රෙමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ අවස්ථාවේ එම සිදු වීම වඩාත් රට තුළ පැතිර ගියේ කටකතා මගිනි. ගුවන්විදුලියෙන් එස ප්‍රවෘත්තිය ප්‍රචාරය කෙරුණේ එම සිදු වීමෙන් පැය කිහිපයකට පසුවය. වර්තමානයේ අපේ රටේ බොහෝ දේවල් කටකතාව අනුසාරයෙන් ප්‍රකාශ වේ. විශේෂයෙන්ම යුද්ධය සම්බන්ධව ප්‍රකාශ වන බොහෝ දෑ කටකතා අනුසාරයෙන් ගොඩනැගෙන බවක් පෙනේ.



සමහර අවස්ථාවලදී ජනමාධ්‍යයකින් ප්‍රකාශ වන දෙයට වඩා කටකතාව ඉතා ප්‍රබල වේ. සන්නිවේදන මාධ්‍යවලින් ඉදිරිපත් කෙරෙන දෙයට වඩා‍ කටකතාවකින් ඉදිරිපත් වන දෙය ජනතාව අතර වැඩි පිළිගැනීමකට ලක් වේ. මෙයට  හේතුව නම්, කටකතාව යනු කිසියම් පුද්ගලයකු තවත් පුද්ගලයකුට කියන, එනම් මුහුණට මුහුණලා කෙරෙන සන්නිවේදනයක් ලෙස තමන් කියන දෙයට යම් යම් දෑ එකතු කරන්නට හෝ එය විවරණය කරන්නට හැකියාවක් තිබීමය. ජනමාධ්‍යවල තිබෙන එක් දුර්වලකමක් නම් එහි ඇත්තේ නිෂ්-පුද්ගල සම්බන්ධතාවක්වීමයි. එනම් පුද්ගල සම්බන්ධතාවක් වෙනුවට යාන්ත්‍රික වශයෙන් බැඳී තිබීමයි. ජනමාධ්‍යයකින් යමක් කී පසු ක්ෂණිකව නැවත ප්‍රතිචාර දක්වමින් ඒ ගැන නැවත විමසා බැලීමේ හැකියාවක් නැත. නමුත් කටකතාව පැතිරෙන්නේ මෙම හැකියාව පැවතීම තුළය. ඇතැම් අවස්ථාවලදී ජනමාධ්‍යවලට වඩා‍ ජනතාව විශ්වාස කරන්නේ කටකතාවයි. ජනමාධ්‍ය මගින් එම කාරණය වඩාත් විධිමත් ලෙස කීවද ජනතාව පෙර කී කටකතාවේ තිබුණු දෙයම පිළිගැනීම සිදු වේ. ප්‍රවෘත්තියක තිබෙන ලක්ෂණය එයයි. එනම් මූලාශ්‍රය ඉතා ඉක්මනින් කෙනෙකු ඩැහැගතහොත් එහි යම් බලපෑමක් ක‍‍ළොත් එය වෙනස් කිරීම සිදු වන්නේ ඉතා සෙ‍මිනි. මේ නිසා ජනමාධ්‍යවලට වඩා සමහර අවස්ථාවලදී කටකතාව ප්‍රබල වේ.



ජනමාධ්‍ය තුළ තිබිය යුතු සමබරතාව නොමැති නම්, සමාජයට නිසි ආකාරයට සත්‍ය තොරතුරු සැපයීමට ජනමාධ්‍ය අසමත් වේ නම් එවැනි අවස්ථාවන්හිදී අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ කටකතාය.  ප්‍රධාන ජනමාධ්‍ය ජාලය තුළ ඒ ඒ ජන කණ්ඩායම්වල නියෝජනයක් නොවන විට විකල්ප මාධ්‍ය බිහි වේ. එක් අතකින් කටකතාවද එවැනි දෙයකි. රටේ තිබෙන ප්‍රධාන වශයෙන් ඉදිරිපත් විය යුතු ප්‍රවෘත්තිවල මූලික ලක්ෂණ හා මූලාශ්‍ර නිසි ලෙස ඉදිරිපත් නොවන විට ජනතාව වෙත එම කරුණු සන්නිවේදනය වන්නේ කටකතා මගිනි. විශේෂයෙන්ම රටක පවතින දේශපාලන හා මාධ්‍ය හැසිරවීමේ ආකාරය මත මෙය සිදුවේ. බොහෝ විට ආගමික - සංස්කෘතික කාරණාවලට වඩා දේශපාලනික හා රටේ කලබලකාරී සහ යුදමය තත්ත්වයන් තුළ මෙම තත්ත්වය ඇතිවේ. ඕනෑම රටක මෙම තත්ත්වය දැකිය හැකිය. රුසියාව ගත් විට විප්ලවයට පෙර, කටකතා මගින් විප්ලවය සම්බන්ධ බොහෝ කරුණු ව්‍යාප්ත විය. ඊට හේතුව ප්‍රධාන ජනමාධ්‍ය තුළ ඒවාට ඉඩක් නොලැබීමය. ජනමාධ්‍යවල ඉඩක් නොමැති වූ විට, මිනිසා‍ගේ ප්‍රකාශන අයිතියට සීමා පැනවුණු විට අනිවාර්යයෙන්ම කටකතාවලට වැඩි තැනක් ලැබේ. මේ නිසා සමාජයක වැඩි වැඩියෙන් කටකතා පැතිරයාමෙහිලා එරට ඇති සමාජ- ආර්ථික- දේශපාලන ලක්ෂණ අනිවාර්යයෙන්ම බලපායි.



පැරණි සමාජයේ සන්නිවේදන විධි අවිධිමත් යැයි කීවද නූතන සමාජයේ ජනමාධ්‍ය විධිමත් වී ඇත්තේ බොහෝවිට තාක්ෂණයෙන් පමණි. මිනිසුන් අතර මුල් කාලයේ පැවති දේවල්ම තාක්ෂණය යොදාගෙන අද තවමත් ක්‍රියාත්මක වේ. මිනිසා තුළ සාමාන්‍යයෙන් පවතින ලක්ෂණයක් නම් සමාජයේ, මිනිසුන්ගේ 'කුණු' ඇවිස්සීමය. එය උගත්, නූගත් භේදයකින් තොරව කවුරුන් අතරත් පවතින ලක්ෂණයකි.  අතීතයේ මිනිස්සු ගමේ ප්‍රජා ශාලාවට, පන්සලේ බණ මඩුවට එක් රැස් වූ අවස්ථාවල එබඳු විවිධ දේ කතා කළහ. නමුත් අද මිනිසුන් එතරම්ම සමූහගතවීමක් දක්නට නැත. මේ සමූහගත කිරීම අද භාරගෙන ඇත්තේ තාක්ෂණයයි. නූතන සමාජයේ අන්තර්ජාලය එබඳු 'කුණු ඇවිස්සීමේ' කටයුත්ත සඳහාද යොදා ගැනෙන්නේ ඒ අනුවය. සමාජය ආකල්පමය අතින් විශාල ලෙස සංවර්ධනය වී ඇතැයි කීවද මුල් කාලයේ තිබූ ආකල්පමය ලක්ෂණ තවමත් සමාජයේ තිබේ. කටකතා පැතිරවීම සඳහා තාක්ෂණය භාවිත වන්නේද ඒ අනුවය. නමුත් මෙතැන යම් භයානක තත්ත්වයක් තිබේ. අතීතයේ පැවති කටකතාවලදී ඒ පිළිබඳව වැඩිදුරටත් ඇසීමේ, විමර්ශනය කිරීමේ හැකියාව තිබුනද අන්තර්ජාලයේ එසේ නොවේ. අන්තර්ජාලයේ එක් පුද්ගලයකු එවැනි ‍තොරතුරක් ගෙන වෙනත් පුද්ගලයකු වෙත එය සන්නිවේදනය කරන්නේ වෙනත් විධියකින් විය හැකිය. එතැන භයානක ස්වරූපයක් තිබේ. එමෙන්ම මුල් කාලයේ කටකතාවලට වඩා මෙතැනදී ආචාරධර්මවල ගැටලුවක්ද මතු වේ. ආචාර ධර්ම සුරක්ෂිත කිරීමේ ස්වරූපය ඒ ඔස්සේ තරමක් පහතට බසින ස්වරූපයක්ද තිබිය හැකිය. ස්වරූපය වශයෙන් ගතහොත් අන්තර්ජාලය ඔස්සේ කටකතා පැතිරීමත්, අපේ ප්‍රාථමික සමාජයේ කටකතා පැතිරීමත් සමානය.



සන්නිවේදනයේදී සමාජය පිළිගන්නා යම් යම් වාරණයන් තිබේ. උදාහරණයක් ලෙස යුදමය වාරණ, ආගමික වාරණ වශයෙනි. 'වාරණය' යන සංකල්පය ගත් විට එය වර්තමාන සමා‍‍ජයේ අත්‍යවශ්‍ය දෙයක් නොවුනත් ජනසන්නිවේදන ක්ෂේත්‍රය තුළ වාරණය ක්‍රියාත්මක වේ. නමුත් කටකතාව තුළ වාරණයට ඉඩක් නැත. කටකතාව තුළ වාරණය වලංගු නොවේ. මෙවිට සිදු වන්නේ කටකතාව සම්මත ීති රීතිවලින් එපිටට යන සන්නිවේදන ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වීමයි. නුත්ෙහි භයානක ස්වරූපයක්ද තිබේ. උදාහරණයක් ලෙස රටක යුද රහස් එරට හමුදා විසින් සුරක්ෂිතව තබා ගැනීම අත්‍යවශ්‍යය. අැතැමිට මෙම රහස් ජනමාධ්‍ය ඔස්ේ ප්‍රචාරය වී කටකතා බවට පත් වුවහොත් එය රමක බරපතළ තත්ත්වයකි. මේ නිසා වාරණය යන සංකල්පය කටකතාවලදී නිරන්තරවම අලංගු වී යයි. මිනිුන්ට තොරතුරු ලබාදීමේ පනමකින් ඉවත් වේ නම්, එම තාෙරතුරු කටතා තුළින් ව්‍යාප්ත වී යයි. ඒ නිසා ටකතාවලදී වාරණය යන්න ප්‍රබල නොවේ

ංකවේ ේශපාලන ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ කටකතාවලින් සමාජයට දැඩි බලපෑමක් කෙරෙනු දැකිය හැකිය. දේශපාලකයින් පිළිබඳව ජනමාධ්‍යවලි් ඉදිරිපත් නොවන කරුණු එන්නේ කටකතා ඔස්ේය. ඒවාහි යම් මූලාශ්‍රයක් තිබිය හැකිය. එහෙත් එය වෙනස් විය හැකි අතර, ටකතාව තුළ අතිශයෝක්තිමය ස්වරූපයක් ගනී. අපේ රටේ ග්‍රාමීසමාජය තුළ දේශපාලන අපේක්ෂයකු පිළිඳව කටකතා මාර්ගයෙන් යම් යම් සිදුවීම් හා ප්‍රවෘත්ති පවා ප්‍රචාරය කළ හැකිය. එමගින්, එම පුද්ගලයාගේ පෞරුෂමය ලක්ෂණ හීිරී හෝ දියුණු කිරීම කළ හැකිය. ඒ නිසා  අපේ රට තුළ, විේෂයේම ග්‍රාමීය සමජය තුළ කටකතාව නරමෙන්ම හොඳටත් ප්‍රබල ලෙස යොදාගත හැකිය. සමායේ සමර පුද්ගලයින් වැරදි වැඩ කරනවා නම ඔහුට සමාජය තුළ  අස්ථාවරත්වයක් අැති කිරීම කටකතා මගින් සිදු  කළ හැකිය. මේ නිසා ජනතාව තුළ කටකතාවේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් තිබේ නම්, සමාජයේ දේශපාලකයකු හෝ වෙනත් බලවතකු විසින් යම් අකටයුත්තක් සිදු කරනු ලබන විට ඊට එරෙහිව සමාජයේ මතයක් ඇති කිරීම සඳහා කටකතාව යහපත් සන්නිවේදන ක්‍රමයක් ලෙස ප්‍රයෝජනයට ගැනීමට පිළිවන.


වර්තමාන වෙළෙඳ  ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ ජනමාධ්‍ය ප්‍රයෝජනයට ගැනෙනවා මෙන්ම, කටකතාවද ප්‍රයෝජනයට ගැනේ. වෙළෙඳ ප්‍රචාරණයේදී ඇතැම් විට ජනමාධ්‍යයටත් වඩා කටකතා ප්‍රබල වේ. උදාහරණයක් ලෙස අලුත් අවුරුදු වැනි උත්සව සමයන්හිදී ජනතාව ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා යම් යම් වෙළෙඳ සැල් වෙත යන්නේ ඒ ගැන කටකතා මගින් දැනගත් දේවලට අනුවය. එය ජනමාධ්‍ය මගින් කිය නොහැකිය. සමහර විට එය ජනමාධ්‍ය මගින් කීවද ග්‍රාහකයෝ එය විශ්වාස නොකරති. නමුත් කටකතාවෙන් එන දේ විශ්වාස කරති. පිළිගනිති. මන්දයත් එය, අත්දැකීමෙන් කියන්නක් වන නිසාය. මේ නිසා වෙළෙඳ ප්‍රචාරණයේදී ජනමාධ්‍යවලට අතිරේකව, ජනතාව අතර යම් පෙළඹවීමක් ඇති කරන්නට කටකතාව ප්‍රයෝජනයට ගත හැකිය.

සමාජයක ජනශ්‍රැතිය පෝෂණය වීමේදී සහ ජනශ්‍රැතිය පවත්වාගෙන යාමේදී කටකතා නො‍එසේනම් වාචිකව ප්‍රකාශවන දෑ ඉතා වැදගත් වේ. ජනතාව අතර ඇති කටකතා වුවත් යම් සමාජයක සමාජමය - ඓතිහාසික පදනම පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට මූලාශ්‍ර ලෙස පාවිච්චි කිරීමේ හැකියාව පවතී. මේවා නිවැරදිව අප අවබෝධ කරගන්නවා නම් සමාජයට වඩාත් දැනෙන ලෙස බොහෝ දේවල් නිර්මාණය කිරීමට අපට හැකිවේ. මේ නිසා කටකතා යනු නිකම් සුළ‍‍‍ගේ පාවී යන්නක් නොවේ. එය අධ්‍යයනය කළ යුතු ඉතා වැදගත් සන්නිවේදන ක්ෂේත්‍රයකි.


3 comments:

  1. අදසට එකගයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අලු පාට පසුබිමේ ලා කොල පාට අකුරු, ජංගම දුරකථනයෙන් බැලීමේදී තරමක අපහසුවක් දැනෙනවා. එයින් ඔබේ වටිනා ලිපි කියවීමට යම් තරමක බාධාවක් ඇතිවීමට පුලුවන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි. ඉදිරි ලිපිවලදී ඒ කාරණය ගැන සැලකිලිමත් වෙන්නම්.

      Delete