Friday, February 23, 2018

කාක ප්‍රේමයක්


'අන්න අර කපල් එක අදත් අැවිත් !'
'අැයි ඉතිං ඔයාට ඉරිසියයිද?'
'ඉරිසියාවට නෙවෙයි. ඒ වගේ සීන් එකක් දැක්කම දවසම සිරියාවයි.'
'හ්ම්.. ඒ මතකයන් එක්කම ගෙදර යන්නත් පුළුවනිනෙ නේද?'
'ඉරිසියාවකුත් නැත්තෙම නෑ. අපි ඔෆිස් එනව වැඩ කරන්න. උන් ඔෆිස් එක ළඟට එනව ලව් කරන්න.. ඉරිසියා නැද්ද ඉතිං..'
'අන් සතු සැපතට ඊර්ෂ්‍යා නොකරන්න කියල දහම් පාසලේ ඉගැන්නුවෙ නැද්ද?'
'ඔනැම නං ඉතිං... අපටත් ඒ කපල් එක අනුගමනය කරන්න බැරිකමක් නෑ!'
'ඒ කිව්වෙ?'
'ලව් කරන්න, ඔෆිස් එන්න!'
'මරු ස්ලෝගන් එක.'
'දැක්කද පිරිමි බලන්නෙම අවස්ථාවක් පාදා ගන්න.'
'අවසර, කල්, රහස් තැන... මොකද්ද මචං ඒකෙ ඉතුරු පද ටික...?'
  •  
 'කළු වුනත් බලන්නකො උන් දෙන්නගෙ තියෙන ලව් එක..'
'අැයි කළු නම් ලව් තහනම්ද?'
'එහෙම නෙවෙයි. උන් දෙන්න අාදරය කරන කොට තියෙන ලස්සන..'
'කොයි කපල් එකත් ලව් කරන කාලෙ ලස්සනයි තමයි. බැන්දට පස්සෙනෙ රඟේ තේරෙන්නෙ..'
'ෂ්ෂ්ෂ්... දැක්කද අර කිස් එක? අැඟ කිළිපොළා යනව...'
'මේව දැක දැක ඔෆිස් එකක වැඩ කරන්න පුළුවන්ද?'
'අැයි ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට කියල ඒක නවත්තන්නද කල්පනාව?'
'ඊට මීට වඩා හොඳ නැද්ද, හතලිස් අැඳිරියට පෙරවත් කසාදයක් කරගෙන හිත ගත සැහැල්ලු කරගත්තනං..'
'නෝටි ෆාේටිවලදි බැරිම නං, සෙක්සි සික්ස්ටිවලදි වුනත් කමක් නෑ..'
  •  
 'ඒ අර අරය අංශක කිහිපයකින් විතැන් වුණා නේද?'
'කිස් නම් මොනවද මෙයා.. තව කොච්චර ඉදිරි අදියර තියෙනවද කියල අරය ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරන්න අැති..'
'ෂිහ්.. කැත හිත!'
'අා.. ලස්සන හිත, කියනවකො එහෙනම් උන් දෙන්නට වුණේ මොකද්ද කියල..'
'මං දන්නෙ කොහොමද.. ළඟට ගිහින් අහගන්න එකනෙ අැත්තෙ...'
'මේ මේ.. ලව් කරන කපල් එකකට බාධා කිරීම අානන්තරීය පාපකර්මයක් කියල අහල නැද්ද?'
'ඔය ඉන්නෙ නියම කපල් එකක්ද, හොර කපල් එකක්ද කියල අපි දන්නවයැ..'
'කපල් එක නියම් වුනත් අනියම් වුනත්, ලව් එක නම් නියමයි !'
'ඒ අදහස ඉතාම වැදගත්. මමත් එකඟයි ඒකට.'
'දී කිරට සාක්කි දෙන බළලෙක්. අපි නොදන්න ඔයාගෙ ඉ-ලව්'
  •  
'අන්න ඒ සැරේ දෙන්නම අැස්වලින් රේල් පීලි දෙකක් හදාගෙන...'
'මොකක්..?'
'ඔව්... අර අනන්තය දිහා බලාගෙන බරපතළ කල්පනාවක.'
'ඔය කාලෙ නැති කල්පනා කවද කරන්නද ඉතිං..'
'ඒක මෙහෙමයි.. ඔය කාලෙ කල්පනා කරන්නෙ ගෑනු සතා. බැන්දට පස්සෙයි පිරිමි සතා කල්පනා කරන්න පටන් ගන්නෙ...'
'අත්දැකීමෙන් වගේ කියන්නෙ..'
'ජීවන අත්දැකීම් පර්යේෂණ ක්‍රමවේදය අනුව දිනපතා තහවුරු වෙන සත්‍යයක් ඒක!'
'නිහඬතාවයෙන් පෙනී යන්නේ ඒ ප්‍රකාශය සත්‍ය බවයි..'
  •  
'මොකද්ද ඒ සද්දෙ?'
'අදත් කොල්ලුපිටිය හන්දියෙ උද්ඝෝෂණයක් වෙන්න අැති.. කඳුළු ගෑස් ගහනව වගේ..'
'ෂිහ්... එහෙනම් අදත් එයාව මීට් වෙන්න බැරි වෙයි. ගිය සතියෙත් පැයක් විතර ට්‍රැෆික් එකේ හිරවුණා...'
'ඉගෙන ගන්න ගියා නම්, ඉගෙන ගන්නෙ නැතුව, මුං එනව උද්ඝෝෂණ කරන්න. අන්තිමේ අපේ වැඩක් පලක්වත් කරගන්න නෑ...'
'ගෑස් නැතුවත් කඳුළු එනව..! හා..නැද්ද?'
'කෝ... අනේ අර කපල් එක..?'
'අැත්තමයි.. මේ ටිකට උන් දෙන්න කොහාට වහං වුණාද?'
'අර අර... අර අෑත කළු තිත් දෙකක් වගේ... ළං වෙලා කලබලෙන් පියාඹන්නෙ.. ඒ උන් දෙන්න නේද?'
'ෂිහ්.. අාතල් එක එහෙම් පිටින්ම ඉවරයි..!'
'කාගෙද?'
'කාගෙ කාගෙත් !'

 

2 comments:

  1. සැබවින්ම නිර්මාණාත්මකයි. ඔබේ නිර්මාණයට අපේ ආචාරය
    විචාරක දියණිය

    ReplyDelete