පුවත්පත්කලා ජීවිතයෙන් සමුගෙන වසර 5-6ක් විතර ගතවෙලා. ආපසු හැරී බලද්දී
දැනෙන දේවල් බොහොමයි. ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ පටන්ම
පුවත්පත් කලාව ගැන මගේ හිතේ තිබුණේ දැඩි කැමැත්තක්. පාසලේ නිර්මාණ පර්ෂදයේ බිත්ති
පුවත්පතේ, ‘සිල්ප දෙනුමැයි‘ සඟරාවේ ලිපි නිර්මාණ පළ වුණේ ඒ නොනිමි කැමැත්තේ ප්‍රතිඵලයක්
විදියට.
