Thursday, December 29, 2016

සමුගැනීම


මතු යම් දිනෙක 
යළි මෙහි මුණ ගැසෙන තුරූ

'ඉතිං අායුබෝවන්'
බ්ලොග්වරුනි ගරූ !

 

Wednesday, December 14, 2016

අලෙවිකරණයට එරෙහිව 'දේශප්‍රේමී අලෙවිකරණය'

'‍දේශප්‍රේමී' යන වචනය තරම් මෑත ඉතිහාසයේ පට්ටා ගැසූ වචනයක් තවත් නැති තරම් ය. ඒ වචනය පුද්ගලයින් / දේශපාලකයින් සමග සම්බන්ධකිරීමත් සමග එම සංකල්පයට හිමි වටිනාකම පහළ වැටී තිබෙන සෙයකි. දේශප්‍රේමීත්වය විමල්ගේද? මහින්දගේද? ගම්මන්පිලගේද? චම්පිකගේද? ඥානසාර හිමියන්ගේද? ගමේ අාරොන් මාමාගේද? (තවත් මෙබඳු නම් රැසක් මීට එකතු කිරීමට පිළිවන.)යි සෙවීම නිශ්ඵල කටයුත්තකි. 'දේශප්‍රේමීවීම' අැතැමුන්ට අනුව නම් 'රෝගයකි.' 

දේශපාලන තලයේ දේශප්‍රේමීත්වය පිළිබඳ මේ සියලු වාද විවාද පසෙක තිබියේවා ! 

වෙළෙඳපොළ තුළදී 'දේශප්‍රේමීවීම' ගැන කියන්නට යමක් තිබේ. එනම්, අලෙවිකරණයේ දේශප්‍රේමී ප්‍රවේශය ගැන ය. මෙය බෙහෙවින් විවාදයට තුඩු දෙන මාතෘකාවක් වීමට පිළිවන.

එහෙත්, 'දේශප්‍රේමීවීම'  'රෝගයක්' ලෙස නො සිතා, මෙම සංකල්පයෙහි සිතන්නට යමක් තිබේ යැයි ඔබට හැඟේ නම් කියවන්නට ලිපියකි, මේ. සම්පූර්ණ ලිපිය මෙතැන.

Saturday, December 10, 2016

මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම : වනාන්තරයකදී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය.



2001 වසරේදී මෙරට වනාන්තර විෂයය පැත්තෙන් එක්තරා බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබිණ. එනම්, අැමරිකා එක්සත් ජනපදය තමන්ට ලෝකයේ රටවල් අැති ණය හිලව්වට ඒ රටවල අැති වනාන්තර  අැමරිකාවට පවරාගැනීමට අවශ්‍ය නීතියක් අැමරිකාවෙහි සම්පාදනය කරගෙන අැති බවයි. මෙය මෙරට පරිසර ක්ෂේත්‍රයේ බලවත් සංවාදයක් අැති කරන්නට සමත් විය. මේ කාරණය නිමිති කරගෙන 'සිතිජය' සඟරාවේ කවරයේ කතාව ලියන්නට අපි කටයුතු කළෙමු. 

Wednesday, December 7, 2016

ගංගාෙඩවිල සෝම හිමියන් සමග අහඹු දේශපාලන සංවාදයක්



ඒ, 2002 දෙසැම්බරයයි. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් තමන් දේශපාලනයට පිවිසෙන්නට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කොට තිබූ අතර, මේ පිළිබඳ ව සමාජයෙහි සෑහෙන අාන්දෝලනයක් අැති වී තිබිණි. මේ කාරණය කේන්ද්‍ර කරගෙන 'සිතිජය' සඟරාවේ 2003 ජනවාරි කලාපයේ කවරයේ කතාව සකස් කරන්නට අපි සූදානම් වෙමින් සිටියෙමු. 

Tuesday, December 6, 2016

'ගරිල්ලා මාර්කටිං' : මානසික රෝග, වෙළෙඳ ප්‍රචාරණය හා දේශපාලනය කියැවීමක්


අැත්තකි. ජයන්ත චන්ද්‍රසිරිගේ 'ගරිල්ලා මාර්කටිං' සිනමා කෘතිය මේ වන විට වසර 11ක් පැරණි ය. එය ප්‍රදර්ශනය වූයේ 2005 වසරේදී ය. නමුත් එම සිනමා කෘතිය විසින් මතු කරන ලද මානසික රෝග, වෙළෙඳ ප්‍රචාරණය සහ දේශපාලනය සම්බන්ධ කතිකාව ලාංකේය සමාජයට ඊයේ මෙන් ම, අදටත් හෙටටත් වලංගු බව මගේ කල්පනාවයි. 'ගරිල්ලා මාර්කටිං' තිරගත වූ දිනවල මා විසින් ඒ පිළිබඳව ලියන ලද ලිපියක් නැවත ඔබ හමුවේ තබන්නට සිතුවේ එබැවිනි. සම්පූර්ණ ලිපිය මෙතැන.

Monday, December 5, 2016

ඉතිං අායෙමත් ලියන්න සේකර මා අාදර කිවිඳේ .. : මේ ගීය නෑසූ ඔය සවන් කුමටද?


සේකර නික්ම ගොස් ය. සරත්චන්ද්‍ර නික්ම ගොස් ය. ජෝතිපාල නික්ම ගොස් ය. කපුගේ නික්ම ගොස් ය. කේමදාස නික්ම ගොස් ය. අමරදේව ද ගිය මාසයේ නික්මිණ. මහා හිස්තැනක්, දරාගත නො හැකි සාංකාවක් දැනේ. ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට සිතෙන්නේ නැත. එය අාත්මාර්ථකාමී සිතිවිල්ලක් බව සැබැවි. එ්ත් මේ පිරිස නැති සංසාරය කෙතරම් නීරස වනු අැත්දැයි නිකමට සිතා බලන්න. නැවත නැවත සංසාරේ හමුවන්නට පතන කීප දෙනා අතර ඔවුහු නිසැක ව ම හිඳිති.

Friday, December 2, 2016

එළිවැටක් නැති කවියෙක්


අකුරු අවශ්‍යමද කවි ලියන්න? මං අැහුව මගෙන්ම. සුළඟ අහසෙ කවි ලියන්නෙ වලාකුළුවලින්. නිමේෂයෙන් නිමේෂයට අහසෙ, අලුත් අලුත් කවි ලියැවෙන හැටි මං බලාගෙන හිටිය සෑහෙන වෙලාවක්. දෘශ්‍ය කවි පොතක් වගේ අහස. සම්පූර්ණ කතාව මෙතැන.


Tuesday, November 29, 2016

වෙළෙඳ ප්‍රචාරණයේ සමාජ බලපෑම

අප කැමති වුවත් අකැමති වුවත් අප එයට අඩු වැඩි වශයෙන් ගොදුරු වී අවසන් ය. අපට ඒ වෙතින් ගැලවී අපගේ ජීවන චර්යාවන් මෙහෙයවා ගත නොහැකි තරමට එය විසින් අපගේ ජීවිත හසුරුවනු ලබමින් සිටී. අපගේ ජීවන අභිලාෂයන් තීරණය කරනු ලබන්නේ තවදුරටත් අප විසින් නො ව, එය විසිනි. මිනිස් ජීවිතය කෙරෙහි මෙතරම් බලපෑම් සහගත ලෙස ක්‍රියාත්මක වන්නා වූ එම යාන්ත්‍රණය වූ කලී අන් කිසිවක් නො ව, වෙළෙඳ ප්‍රචාරණයයි. සම්පූර්ණ ලිපිය මෙතැන.

Sunday, November 27, 2016

මිනිසකුගේ ඉරණම


''අන්න මිස්ටර් ජයසිංහ මැරිලලු.''

පත්තර කන්තෝරුවට ඒ අාරංචිය රැගෙන අාවේ සිරිචන්ද්‍ර ය. ඒ අාරංචිය පත්තර කන්තෝරුවේ අැතැමුන් තුළ සැබෑ සංවේගයක් ද, අැතැමුන් තුළ සංතෝෂයක් ද උපදවන බව දෙගොල්ලන්ට ම රහසක් නො වී ය. සතුටට පත් වූවන් සිත අැතුළෙන් ඒ සතුට විඳ ගත්තේ, තමන් පත්තර පිටු මත වගුරන මානව හිතවාදී අකුරුවලට ඉන් හානියක් වෙතැයි බියෙන් මෙනි. සම්පූර්ණ කතාව මෙතැන.

Thursday, November 24, 2016

ජේමිස් සීයාගේ ශීල පාරමිතාව


බිඳුණු වළං කටුවක් මෙන් පායා අැති හඳ කෑල්ල දෙස වැල් අැඳේ සිට බලා හුන් ජේමිස් සීයාට සිල් ගැනීමේ අාශාවක් හදිසියේ ම පහළ වූයේ ය. ඒ අාශාව තනි ව විඳ ගැනීමට කැමති නො වූ ජේමිස් සීයා, උස් හඬින් අගිදා අාච්චිට කතා කළේ ය. සම්පූර්ණ කතාව මෙතැන.

Tuesday, November 22, 2016

සොබා දහමේ මියැසිය : නිවෙනු පිණිස හා නිවනු පිණිස



හිමිදිරියේ පටන්ම සවන්හි අැණෙන 
අනේක විධ ඝෝෂාවන්ගෙන් මිදී 
මොහොතක් 
සොබා දහමට සවන් දෙන්නට අැත්නම් ! 

Sunday, November 20, 2016

වවුලකුගේ මරණය


වවුලා විදුලි රැහැනෙහි එල්ලී මියගොස් තිබෙන්නේ ඊයේ හෝ පෙරේදා රාත්‍රියේ ය. උගේ මළ සිරුර මගේ නෙත ගැටුණේ අද උදෑසන ය. අාලින්දයේ සිට බලන විට එක එල්ලේම පෙනෙන්නේ වවුළාගේ මළ සිරුර ය. සද්දන්ත වවුලකු නිවස ඉදිරිපිට විදුලි රැහැනක එල්ලී මිය ගොස් සිටිනු දුටු වහා ම සිතට නැගුණේ අපුළකි. ඉනික්බිති අනුකම්පාවකි. සම්‍පූර්ණ කතාව මෙතැන.

Wednesday, November 16, 2016

රසිකයා




ජීවිතේට ම, මම කවියක් ලියා නැහැ. කවි කියවන පුරුද්දක් මට තිබුනෙත් නැහැ. පාසල් යන කාලෙ විෂය නිර්දේශයට අනුව කවි කියෙවුවා මිස, ඉන් එහාට කවිත් එක්ක මගේ අැයි හොඳයිකමක් තිබුනෙ නැහැ. ඒත් එක දවසක... සම්පූර්ණ කතාව මෙතැන.

Tuesday, November 15, 2016

පිස්සකුගේ දිනපොත












පළමුදා

ඉර වලාකුළුවලට ගිනි තියලා. මුළු අහසෙම ගිනි අැවිලිලා. මගේ අැඟටත් විසි වුණා ගිනි පුපුරක්. මාවත් අැවිලෙන්න කලින් මං අාව කොන්ක්‍රීට් කණුව යටට. එතැන හෙවණයි.සම්පූර්ණ කතාව මෙතැන.

Thursday, November 10, 2016

කැන්වසයක අැඳුණු දින සටහන්
















අද කළුපාට දවසක්

මම දැක්ක හීනයක්. ලෝකයේ තිබූ වර්ණ සියල්ලම බහුජාතික සමාගම් විසින් අයිති කරගෙන. මම හිටියෙ දෑතින්ම දෑස් වහගෙන. අවට තිබෙන වර්ණ දකින විට මගේ මනසට දැනෙන පීඩනය දරාගන්න බැරි තරම්..සම්පූර්ණ කතාව මෙතැන


 

Thursday, November 3, 2016

අසම සම - මධුර ස්වර - රසෝඝය - ඔබම විය




ඉර හඳ අාලෝකය අතරේ ද,
අ‍රුන්දතී තරුවෙහි ද,
පාළාෙස්වක සඳෙහි ද
ඔබේ හඬ ය.


Friday, October 21, 2016

කොලාජ් දවසක්

9.00ට විතර

''ගුඩ් මෝනිං නිෂාදි''
''ගුඩ් මෝනිං, ඩියර්. මං ඔයාව දුර තියාම දැක්කා... ඔයා අද හරි ස්මාර්ට් විදුර..''
''අපි කොහොමත් ස්මාර්ට් තමයි... අැඳුම් අැන්දත් නෑන්දත්.''
''ඔන්න ඔයා ඉතිං උදේ පාන්දරම කුණුහරුප කියන්න පටන්ගත්ත...''
''මොකද්ද මං කිවුව කුණු හරුපෙ?''
''අැඳුම් නෑන්දත් ස්මාර්ට් කියපු එක!''
''ඉතිං.. ඒක අැත්තනෙ නිෂාදි.. ගැහැණු පිරිමි නිරුවත් සිරුර තරම් සුන්දර රූපයක් තවත් තියෙනවද? මට හිතාගන්න බැරි නිෂාදි ලෝකෙ සුන්දරම දේවල් අැයි කුණුහරුප වෙලා තියෙන්නෙ කියල...''
''ප්ලීස් ඩියර්.. උදේ පාන්දරම දාර්ශනික ප්‍රශ්න අහල මගෙ ඔලුව අවුල් කරන්න එපා!''

Friday, August 19, 2016

රසිකත්වයේ උමතු චමත්කාරය අත් විඳිමින් මා තේරූ ගී



ඉතිං තවදුරටත් සිතමින් සිට ඵලක් නැත. ඒ අභියෝගයට මුහුණ දිය යුතුය. එහෙත් පටන්ගත යුත්තේ කොතැනින්ද, කෙළවර කළ යුත්තේ කොතැනින්ද කියා සීමා නිර්ණය කර ගැනීම අසීරුය. අභියෝගත් තිබේ. එහෙත් මෙහෙමත් අභියෝග ඉදිරිපත් කොට රසික සහෘදයින් 'පෙළීම' කෙතරම් සොඳුරු වේදනාවක්ද? සිතිවිලි නවතාගනිමි.‍ෙතරම් දිගු ගමනක් යාමට වුව අනිවාර්යයෙන්ම පළමු පියවර තැබිය යුතුමය.


Tuesday, August 2, 2016

තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමකි. - දයා‍ස‍ේන ගුණසිංහ



මෙරට විසූ විශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහ මහතා විසින් 1989 නොවැම්බර් මස 06 වැනි දින 'විදුසර' පුවත්පතේ දෙවර්ෂ පූර්ණ අතිරේකයට ලියන ලද මෙම ලිපිය උපුටා දක්වන්නට සිතුවේ, දශක තුනකට අාසන්න කාලයකට පෙර වුව ගුණසිංහයන් ඉදිරිපත් කර ඇති අදහස් මූලධාර්මික වශයෙන්, ‍අප‍ේ රටේ ජනමාධ්‍ය සම්බන්ධ වර්තමාන කතිකාවටද වැදගත් බැවිනි.



දෙවියන් වහන්සේ යම් අයකු සමග ඉතා තදින් උරණ වූ විට එම තැනැත්තා තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියකු බවට පත් කරතැයි කියමනක් පුවත්පත් ලෝකයේ වෙයි. සැබැවින්ම තුන්වැනි ලෝකයේ පුවත්පත් කලාවේදියා‍ වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමක් යැයි සිතෙන තරමට ඔහුගේ වෘත්තිය දුෂ්කරය. එමෙන්ම කටුකය. එහෙත් ඇතැම් විට එය අන් කිසිදු වෘත්තියකින් නොලැබිය හැකි තරමේ තෘප්තියක් හා චෛතසික සුවයක් ලබා දෙන වෘත්තියක් බවද කිය යුතු වේ. 

Monday, July 11, 2016

කටකතා : මහා ජනමාධ්‍ය පරදවන චූල සන්නිවේදනය



ලාංකේය සමාජය තුළ කටකතා මගින් ප්‍රබල, එසේම සැඟවුණු භූමිකාවක් ඉටුකෙරෙමින් තිබෙන බව වඩාත් විමසිලිමත්ව බැලූ විට හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මැතිවරණ කාල වකවානුවලදී මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව දැකිය හැකි වේ. වෙළෙඳ ප්‍රචාරණය තුළද කටකතා විශේෂ කාර්යභාරයක් සිදු කරමින් සිටී. එසේම නූතනය වන විට කට කතා සඳහා මූලාශ්‍ර සපයමින් ඇත්තේ අන්තර්ජාලය බවද හඳුනාගැනීමට පිළිවන. පැරණි ග්‍රාමීය සමාජයේ සිට නූතන සයිබර් අවකාශය දක්වාම පැතිර ආ කටකතාව නමැති අවිධිමත් සන්නිවේදන ක්‍රමයේ සන්නිවේදනාත්මක හැඩරුව කෙබඳුද? කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා සමග මා විසින් කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන් සැකසුණු මෙම ලිපිය, 'කටකතාව' නමැති චූල සන්නිවේදන ක්‍රමය පිළිබඳ සන්නිවේදන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරයි. මෙම ලිපිය මුල් වරට 'මුරගල' සඟරාවේ 2007 නොවැම්බර් කලාපයේ පළ විය.

Wednesday, June 29, 2016

භාෂා : අභාවය සහ ඝාතනය





මිනිස් සමාජය මුහුණ පා තිබෙන අර්බුද, තර්ජන සම්බන්ධ කතිකාවන් අපට නිරන්තරව අසන්නට දකින්නට ලැබෙන නමුත් එම කතිකාව තුළ එතරම් හෝ කොහෙත්ම හෝ අවධානයට ලක් නොවන කාරණයක් තිබේ. එනම් වර්තමාන ලෝකය තුළ භාෂා මුහුණ පා තිබෙන තර්ජනයයි. හෙවත් භාෂා අභාවයට යාමයි. භාෂා අභාවයට යාම එතරම් අවධානයට ලක් නොවී ඇත්තේ එය අභාවයට යාම නිසා මිනිස් සමාජයට වන අහිතකර බලපෑම සුලුපටු නිසා යැයි සිතිය නොහැකිය. භාෂා හමුවේ වන මේ අනතුර සම්බන්ධ පළල්, ලෝක මට්ටමේ ප්‍රබල කතිකාවක් ගොඩ නැඟී නැත්තේ වර්තමාන ලෝකයේ ප්‍රබල ජාතීන් කිහිපය භාවිතයට ගන්නා භාෂාවන් හමුවෙහි එම තර්ජනය සැලකිය යුතු මට්ටමක නොවීමය. සහ ලෝකයේ අභාවයට යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන භාෂාවන්ට එම තර්ජනය එල්ල වී ඇත්තේ අධිපති භාෂා වෙතින් වීමය. මේ අනුව ගත් විට වර්තමාන ලෝකයේ භාෂා අභාවයට යාම හුදු භාෂාව සම්බන්ධ කතිකාව ඉක්මවා ගොස් ලෝකයේ බල දේශපාලන ආධිපත්‍යය සම්බන්ධ දේශපාලන කතිකාවටද නියතයෙන්ම සම්බන්ධ වී පවතී. 'කුරියර්' සඟරාව ඇසුරින් මා විසින් ලියැවුණු මෙම ලිපිය මුල් වරට 'මුරගල' සඟරාවේ 2008 පෙබරවාරි කලාපයේ පළවිය. එහි අන්තර්ගත කාරණාවන්හි වැදගත්කම සලකා එය මෙසේ නැවත ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතිණි.

Sunday, June 26, 2016

සෑම කෙන‍ෙකුටම කතාවක් තිබේ : පුවත්පත්කලාවෙන් බ්ල‍ොග්කලාවට මගේ සම්ප්‍රාප්තිය




පුවත්පත්කලා ජීවිතයෙන් සමුගෙන වසර 5-6ක් විතර ගතවෙලා. ආපසු හැරී බලද්දී දැනෙන දේවල් බොහොමයි. ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ පටන්ම පුවත්පත් කලාව ගැන මගේ හිතේ තිබු‍ණේ දැඩි කැමැත්තක්. පාසලේ නිර්මාණ පර්ෂදයේ බිත්ති පුවත්පතේ, ‘සිල්ප දෙනුමැයි‘ සඟරාවේ ලිපි නිර්මාණ පළ වු‍ණේ ඒ නොනිමි කැමැත්තේ ප්‍රතිඵලයක් විදියට. 

Thursday, April 28, 2016

සිංහල : සෙල්ලිපියේ සිට පරිගණකයට


කාෙළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටියුරන්ස් නන්දසාර මහතා මෙරට පරිගණක අධ්‍යාපනය සම්බන්ධව විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටින විද්වතෙකි. යුනෙස්කෝ සංවිධානයේ අාසියානු භාෂා සම්පත් සංවර්ධන ජාලයේ ප්‍රධානියා වශෙයන් කටයුතු කරන නන්දසාර මහතා, විශේෂයෙන්ම අාසියානු භාෂාවන් මුහුණ දෙන අභියෝග හා ඒ්වායේ පැවැත්ම පිළිබඳ අධ්‍යයන සිදු කරන හා ඒම වාර්තා යුනෙස්කෝ සංවිධානය වෙත ලබා දෙන පුරෝගාමී කාර්යය සිදු කරයි. එමෙන්ම, ඔහු ජපාන ටෝකියෝ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික, සමාජයීය හා තාක්ෂණ ජාලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරයි.
2007 වසරේ පැවති වැඩමුළුවකදී ටියුරන්ස් නන්දසාර මහතා විසින් කරන ලද දේශනයක් අැසුරින් මා විසින් සකසන ලද මෙම ලිපිය පළමු වරට 'මුරගල' සගරාවේ 2007 ඔක්තෝබර් කලාපයේ පළවිය. ඒම ලිපිය නැවත සංස්කරණය කොට මෙලෙස ඉදිරිපත් කරන්නට කල්පනා කළේ, සිංහල භාෂාව පරිණාමය වූ ගමනේ නූතන අවස්ථාව අපට පරිගණක තාක්ෂණය තුළ දක්නට ලැබෙන බැවිනි. එමෙන්ම පරිගණකය තුළ මෙලෙස සිංහල භාෂාව භාවිත කරන අප, පරිගණකයට සිංහල අා හැටි දැන සිටීම අතිශයින්ම වැදගත් බැවිනි.