Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

Friday, February 23, 2018

කාක ප්‍රේමයක්


'අන්න අර කපල් එක අදත් අැවිත් !'
'අැයි ඉතිං ඔයාට ඉරිසියයිද?'
'ඉරිසියාවට නෙවෙයි. ඒ වගේ සීන් එකක් දැක්කම දවසම සිරියාවයි.'
'හ්ම්.. ඒ මතකයන් එක්කම ගෙදර යන්නත් පුළුවනිනෙ නේද?'
'ඉරිසියාවකුත් නැත්තෙම නෑ. අපි ඔෆිස් එනව වැඩ කරන්න. උන් ඔෆිස් එක ළඟට එනව ලව් කරන්න.. ඉරිසියා නැද්ද ඉතිං..'
'අන් සතු සැපතට ඊර්ෂ්‍යා නොකරන්න කියල දහම් පාසලේ ඉගැන්නුවෙ නැද්ද?'
'ඔනැම නං ඉතිං... අපටත් ඒ කපල් එක අනුගමනය කරන්න බැරිකමක් නෑ!'
'ඒ කිව්වෙ?'
'ලව් කරන්න, ඔෆිස් එන්න!'
'මරු ස්ලෝගන් එක.'
'දැක්කද පිරිමි බලන්නෙම අවස්ථාවක් පාදා ගන්න.'
'අවසර, කල්, රහස් තැන... මොකද්ද මචං ඒකෙ ඉතුරු පද ටික...?'

Friday, December 2, 2016

එළිවැටක් නැති කවියෙක්


අකුරු අවශ්‍යමද කවි ලියන්න? මං අැහුව මගෙන්ම. සුළඟ අහසෙ කවි ලියන්නෙ වලාකුළුවලින්. නිමේෂයෙන් නිමේෂයට අහසෙ, අලුත් අලුත් කවි ලියැවෙන හැටි මං බලාගෙන හිටිය සෑහෙන වෙලාවක්. දෘශ්‍ය කවි පොතක් වගේ අහස. සම්පූර්ණ කතාව මෙතැන.


Sunday, November 27, 2016

මිනිසකුගේ ඉරණම


''අන්න මිස්ටර් ජයසිංහ මැරිලලු.''

පත්තර කන්තෝරුවට ඒ අාරංචිය රැගෙන අාවේ සිරිචන්ද්‍ර ය. ඒ අාරංචිය පත්තර කන්තෝරුවේ අැතැමුන් තුළ සැබෑ සංවේගයක් ද, අැතැමුන් තුළ සංතෝෂයක් ද උපදවන බව දෙගොල්ලන්ට ම රහසක් නො වී ය. සතුටට පත් වූවන් සිත අැතුළෙන් ඒ සතුට විඳ ගත්තේ, තමන් පත්තර පිටු මත වගුරන මානව හිතවාදී අකුරුවලට ඉන් හානියක් වෙතැයි බියෙන් මෙනි. සම්පූර්ණ කතාව මෙතැන.

Thursday, November 24, 2016

ජේමිස් සීයාගේ ශීල පාරමිතාව


බිඳුණු වළං කටුවක් මෙන් පායා අැති හඳ කෑල්ල දෙස වැල් අැඳේ සිට බලා හුන් ජේමිස් සීයාට සිල් ගැනීමේ අාශාවක් හදිසියේ ම පහළ වූයේ ය. ඒ අාශාව තනි ව විඳ ගැනීමට කැමති නො වූ ජේමිස් සීයා, උස් හඬින් අගිදා අාච්චිට කතා කළේ ය. සම්පූර්ණ කතාව මෙතැන.

Sunday, November 20, 2016

වවුලකුගේ මරණය


වවුලා විදුලි රැහැනෙහි එල්ලී මියගොස් තිබෙන්නේ ඊයේ හෝ පෙරේදා රාත්‍රියේ ය. උගේ මළ සිරුර මගේ නෙත ගැටුණේ අද උදෑසන ය. අාලින්දයේ සිට බලන විට එක එල්ලේම පෙනෙන්නේ වවුළාගේ මළ සිරුර ය. සද්දන්ත වවුලකු නිවස ඉදිරිපිට විදුලි රැහැනක එල්ලී මිය ගොස් සිටිනු දුටු වහා ම සිතට නැගුණේ අපුළකි. ඉනික්බිති අනුකම්පාවකි. සම්‍පූර්ණ කතාව මෙතැන.

Wednesday, November 16, 2016

රසිකයා




ජීවිතේට ම, මම කවියක් ලියා නැහැ. කවි කියවන පුරුද්දක් මට තිබුනෙත් නැහැ. පාසල් යන කාලෙ විෂය නිර්දේශයට අනුව කවි කියෙවුවා මිස, ඉන් එහාට කවිත් එක්ක මගේ අැයි හොඳයිකමක් තිබුනෙ නැහැ. ඒත් එක දවසක... සම්පූර්ණ කතාව මෙතැන.

Tuesday, November 15, 2016

පිස්සකුගේ දිනපොත












පළමුදා

ඉර වලාකුළුවලට ගිනි තියලා. මුළු අහසෙම ගිනි අැවිලිලා. මගේ අැඟටත් විසි වුණා ගිනි පුපුරක්. මාවත් අැවිලෙන්න කලින් මං අාව කොන්ක්‍රීට් කණුව යටට. එතැන හෙවණයි.සම්පූර්ණ කතාව මෙතැන.

Thursday, November 10, 2016

කැන්වසයක අැඳුණු දින සටහන්
















අද කළුපාට දවසක්

මම දැක්ක හීනයක්. ලෝකයේ තිබූ වර්ණ සියල්ලම බහුජාතික සමාගම් විසින් අයිති කරගෙන. මම හිටියෙ දෑතින්ම දෑස් වහගෙන. අවට තිබෙන වර්ණ දකින විට මගේ මනසට දැනෙන පීඩනය දරාගන්න බැරි තරම්..සම්පූර්ණ කතාව මෙතැන


 

Friday, October 21, 2016

කොලාජ් දවසක්

9.00ට විතර

''ගුඩ් මෝනිං නිෂාදි''
''ගුඩ් මෝනිං, ඩියර්. මං ඔයාව දුර තියාම දැක්කා... ඔයා අද හරි ස්මාර්ට් විදුර..''
''අපි කොහොමත් ස්මාර්ට් තමයි... අැඳුම් අැන්දත් නෑන්දත්.''
''ඔන්න ඔයා ඉතිං උදේ පාන්දරම කුණුහරුප කියන්න පටන්ගත්ත...''
''මොකද්ද මං කිවුව කුණු හරුපෙ?''
''අැඳුම් නෑන්දත් ස්මාර්ට් කියපු එක!''
''ඉතිං.. ඒක අැත්තනෙ නිෂාදි.. ගැහැණු පිරිමි නිරුවත් සිරුර තරම් සුන්දර රූපයක් තවත් තියෙනවද? මට හිතාගන්න බැරි නිෂාදි ලෝකෙ සුන්දරම දේවල් අැයි කුණුහරුප වෙලා තියෙන්නෙ කියල...''
''ප්ලීස් ඩියර්.. උදේ පාන්දරම දාර්ශනික ප්‍රශ්න අහල මගෙ ඔලුව අවුල් කරන්න එපා!''