Wednesday, December 14, 2016

අලෙවිකරණයට එරෙහිව 'දේශප්‍රේමී අලෙවිකරණය'

'‍දේශප්‍රේමී' යන වචනය තරම් මෑත ඉතිහාසයේ පට්ටා ගැසූ වචනයක් තවත් නැති තරම් ය. ඒ වචනය පුද්ගලයින් / දේශපාලකයින් සමග සම්බන්ධකිරීමත් සමග එම සංකල්පයට හිමි වටිනාකම පහළ වැටී තිබෙන සෙයකි. දේශප්‍රේමීත්වය විමල්ගේද? මහින්දගේද? ගම්මන්පිලගේද? චම්පිකගේද? ඥානසාර හිමියන්ගේද? ගමේ අාරොන් මාමාගේද? (තවත් මෙබඳු නම් රැසක් මීට එකතු කිරීමට පිළිවන.)යි සෙවීම නිශ්ඵල කටයුත්තකි. 'දේශප්‍රේමීවීම' අැතැමුන්ට අනුව නම් 'රෝගයකි.' 

දේශපාලන තලයේ දේශප්‍රේමීත්වය පිළිබඳ මේ සියලු වාද විවාද පසෙක තිබියේවා ! 

වෙළෙඳපොළ තුළදී 'දේශප්‍රේමීවීම' ගැන කියන්නට යමක් තිබේ. එනම්, අලෙවිකරණයේ දේශප්‍රේමී ප්‍රවේශය ගැන ය. මෙය බෙහෙවින් විවාදයට තුඩු දෙන මාතෘකාවක් වීමට පිළිවන.

එහෙත්, 'දේශප්‍රේමීවීම'  'රෝගයක්' ලෙස නො සිතා, මෙම සංකල්පයෙහි සිතන්නට යමක් තිබේ යැයි ඔබට හැඟේ නම් කියවන්නට ලිපියකි, මේ. සම්පූර්ණ ලිපිය මෙතැන.

1 comment:

  1. වැදගත් ලිපියක්. නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම මම තුළම ආකල්ප වෙනසකුත් ඇති උනා කිව්වොත් නිවැරදියි.

    ReplyDelete