Friday, October 21, 2016

කොලාජ් දවසක්

9.00ට විතර

''ගුඩ් මෝනිං නිෂාදි''
''ගුඩ් මෝනිං, ඩියර්. මං ඔයාව දුර තියාම දැක්කා... ඔයා අද හරි ස්මාර්ට් විදුර..''
''අපි කොහොමත් ස්මාර්ට් තමයි... අැඳුම් අැන්දත් නෑන්දත්.''
''ඔන්න ඔයා ඉතිං උදේ පාන්දරම කුණුහරුප කියන්න පටන්ගත්ත...''
''මොකද්ද මං කිවුව කුණු හරුපෙ?''
''අැඳුම් නෑන්දත් ස්මාර්ට් කියපු එක!''
''ඉතිං.. ඒක අැත්තනෙ නිෂාදි.. ගැහැණු පිරිමි නිරුවත් සිරුර තරම් සුන්දර රූපයක් තවත් තියෙනවද? මට හිතාගන්න බැරි නිෂාදි ලෝකෙ සුන්දරම දේවල් අැයි කුණුහරුප වෙලා තියෙන්නෙ කියල...''
''ප්ලීස් ඩියර්.. උදේ පාන්දරම දාර්ශනික ප්‍රශ්න අහල මගෙ ඔලුව අවුල් කරන්න එපා!''

Friday, August 19, 2016

රසිකත්වයේ උමතු චමත්කාරය අත් විඳිමින් මා තේරූ ගී



ඉතිං තවදුරටත් සිතමින් සිට ඵලක් නැත. ඒ අභියෝගයට මුහුණ දිය යුතුය. එහෙත් පටන්ගත යුත්තේ කොතැනින්ද, කෙළවර කළ යුත්තේ කොතැනින්ද කියා සීමා නිර්ණය කර ගැනීම අසීරුය. අභියෝගත් තිබේ. එහෙත් මෙහෙමත් අභියෝග ඉදිරිපත් කොට රසික සහෘදයින් 'පෙළීම' කෙතරම් සොඳුරු වේදනාවක්ද? සිතිවිලි නවතාගනිමි.‍ෙතරම් දිගු ගමනක් යාමට වුව අනිවාර්යයෙන්ම පළමු පියවර තැබිය යුතුමය.


Tuesday, August 2, 2016

තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමකි. - දයා‍ස‍ේන ගුණසිංහ



මෙරට විසූ විශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහ මහතා විසින් 1989 නොවැම්බර් මස 06 වැනි දින 'විදුසර' පුවත්පතේ දෙවර්ෂ පූර්ණ අතිරේකයට ලියන ලද මෙම ලිපිය උපුටා දක්වන්නට සිතුවේ, දශක තුනකට අාසන්න කාලයකට පෙර වුව ගුණසිංහයන් ඉදිරිපත් කර ඇති අදහස් මූලධාර්මික වශයෙන්, ‍අප‍ේ රටේ ජනමාධ්‍ය සම්බන්ධ වර්තමාන කතිකාවටද වැදගත් බැවිනි.



දෙවියන් වහන්සේ යම් අයකු සමග ඉතා තදින් උරණ වූ විට එම තැනැත්තා තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියකු බවට පත් කරතැයි කියමනක් පුවත්පත් ලෝකයේ වෙයි. සැබැවින්ම තුන්වැනි ලෝකයේ පුවත්පත් කලාවේදියා‍ වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමක් යැයි සිතෙන තරමට ඔහුගේ වෘත්තිය දුෂ්කරය. එමෙන්ම කටුකය. එහෙත් ඇතැම් විට එය අන් කිසිදු වෘත්තියකින් නොලැබිය හැකි තරමේ තෘප්තියක් හා චෛතසික සුවයක් ලබා දෙන වෘත්තියක් බවද කිය යුතු වේ. 

Monday, July 11, 2016

කටකතා : මහා ජනමාධ්‍ය පරදවන චූල සන්නිවේදනය



ලාංකේය සමාජය තුළ කටකතා මගින් ප්‍රබල, එසේම සැඟවුණු භූමිකාවක් ඉටුකෙරෙමින් තිබෙන බව වඩාත් විමසිලිමත්ව බැලූ විට හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මැතිවරණ කාල වකවානුවලදී මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව දැකිය හැකි වේ. වෙළෙඳ ප්‍රචාරණය තුළද කටකතා විශේෂ කාර්යභාරයක් සිදු කරමින් සිටී. එසේම නූතනය වන විට කට කතා සඳහා මූලාශ්‍ර සපයමින් ඇත්තේ අන්තර්ජාලය බවද හඳුනාගැනීමට පිළිවන. පැරණි ග්‍රාමීය සමාජයේ සිට නූතන සයිබර් අවකාශය දක්වාම පැතිර ආ කටකතාව නමැති අවිධිමත් සන්නිවේදන ක්‍රමයේ සන්නිවේදනාත්මක හැඩරුව කෙබඳුද? කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා සමග මා විසින් කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන් සැකසුණු මෙම ලිපිය, 'කටකතාව' නමැති චූල සන්නිවේදන ක්‍රමය පිළිබඳ සන්නිවේදන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරයි. මෙම ලිපිය මුල් වරට 'මුරගල' සඟරාවේ 2007 නොවැම්බර් කලාපයේ පළ විය.

Wednesday, June 29, 2016

භාෂා : අභාවය සහ ඝාතනය





මිනිස් සමාජය මුහුණ පා තිබෙන අර්බුද, තර්ජන සම්බන්ධ කතිකාවන් අපට නිරන්තරව අසන්නට දකින්නට ලැබෙන නමුත් එම කතිකාව තුළ එතරම් හෝ කොහෙත්ම හෝ අවධානයට ලක් නොවන කාරණයක් තිබේ. එනම් වර්තමාන ලෝකය තුළ භාෂා මුහුණ පා තිබෙන තර්ජනයයි. හෙවත් භාෂා අභාවයට යාමයි. භාෂා අභාවයට යාම එතරම් අවධානයට ලක් නොවී ඇත්තේ එය අභාවයට යාම නිසා මිනිස් සමාජයට වන අහිතකර බලපෑම සුලුපටු නිසා යැයි සිතිය නොහැකිය. භාෂා හමුවේ වන මේ අනතුර සම්බන්ධ පළල්, ලෝක මට්ටමේ ප්‍රබල කතිකාවක් ගොඩ නැඟී නැත්තේ වර්තමාන ලෝකයේ ප්‍රබල ජාතීන් කිහිපය භාවිතයට ගන්නා භාෂාවන් හමුවෙහි එම තර්ජනය සැලකිය යුතු මට්ටමක නොවීමය. සහ ලෝකයේ අභාවයට යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන භාෂාවන්ට එම තර්ජනය එල්ල වී ඇත්තේ අධිපති භාෂා වෙතින් වීමය. මේ අනුව ගත් විට වර්තමාන ලෝකයේ භාෂා අභාවයට යාම හුදු භාෂාව සම්බන්ධ කතිකාව ඉක්මවා ගොස් ලෝකයේ බල දේශපාලන ආධිපත්‍යය සම්බන්ධ දේශපාලන කතිකාවටද නියතයෙන්ම සම්බන්ධ වී පවතී. 'කුරියර්' සඟරාව ඇසුරින් මා විසින් ලියැවුණු මෙම ලිපිය මුල් වරට 'මුරගල' සඟරාවේ 2008 පෙබරවාරි කලාපයේ පළවිය. එහි අන්තර්ගත කාරණාවන්හි වැදගත්කම සලකා එය මෙසේ නැවත ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතිණි.

Sunday, June 26, 2016

සෑම කෙන‍ෙකුටම කතාවක් තිබේ : පුවත්පත්කලාවෙන් බ්ල‍ොග්කලාවට මගේ සම්ප්‍රාප්තිය




පුවත්පත්කලා ජීවිතයෙන් සමුගෙන වසර 5-6ක් විතර ගතවෙලා. ආපසු හැරී බලද්දී දැනෙන දේවල් බොහොමයි. ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ පටන්ම පුවත්පත් කලාව ගැන මගේ හිතේ තිබු‍ණේ දැඩි කැමැත්තක්. පාසලේ නිර්මාණ පර්ෂදයේ බිත්ති පුවත්පතේ, ‘සිල්ප දෙනුමැයි‘ සඟරාවේ ලිපි නිර්මාණ පළ වු‍ණේ ඒ නොනිමි කැමැත්තේ ප්‍රතිඵලයක් විදියට. 

Thursday, April 28, 2016

සිංහල : සෙල්ලිපියේ සිට පරිගණකයට


කාෙළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටියුරන්ස් නන්දසාර මහතා මෙරට පරිගණක අධ්‍යාපනය සම්බන්ධව විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටින විද්වතෙකි. යුනෙස්කෝ සංවිධානයේ අාසියානු භාෂා සම්පත් සංවර්ධන ජාලයේ ප්‍රධානියා වශෙයන් කටයුතු කරන නන්දසාර මහතා, විශේෂයෙන්ම අාසියානු භාෂාවන් මුහුණ දෙන අභියෝග හා ඒ්වායේ පැවැත්ම පිළිබඳ අධ්‍යයන සිදු කරන හා ඒම වාර්තා යුනෙස්කෝ සංවිධානය වෙත ලබා දෙන පුරෝගාමී කාර්යය සිදු කරයි. එමෙන්ම, ඔහු ජපාන ටෝකියෝ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික, සමාජයීය හා තාක්ෂණ ජාලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරයි.
2007 වසරේ පැවති වැඩමුළුවකදී ටියුරන්ස් නන්දසාර මහතා විසින් කරන ලද දේශනයක් අැසුරින් මා විසින් සකසන ලද මෙම ලිපිය පළමු වරට 'මුරගල' සගරාවේ 2007 ඔක්තෝබර් කලාපයේ පළවිය. ඒම ලිපිය නැවත සංස්කරණය කොට මෙලෙස ඉදිරිපත් කරන්නට කල්පනා කළේ, සිංහල භාෂාව පරිණාමය වූ ගමනේ නූතන අවස්ථාව අපට පරිගණක තාක්ෂණය තුළ දක්නට ලැබෙන බැවිනි. එමෙන්ම පරිගණකය තුළ මෙලෙස සිංහල භාෂාව භාවිත කරන අප, පරිගණකයට සිංහල අා හැටි දැන සිටීම අතිශයින්ම වැදගත් බැවිනි.