Wednesday, December 7, 2016

ගංගාෙඩවිල සෝම හිමියන් සමග අහඹු දේශපාලන සංවාදයක්



ඒ, 2002 දෙසැම්බරයයි. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් තමන් දේශපාලනයට පිවිසෙන්නට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කොට තිබූ අතර, මේ පිළිබඳ ව සමාජයෙහි සෑහෙන අාන්දෝලනයක් අැති වී තිබිණි. මේ කාරණය කේන්ද්‍ර කරගෙන 'සිතිජය' සඟරාවේ 2003 ජනවාරි කලාපයේ කවරයේ කතාව සකස් කරන්නට අපි සූදානම් වෙමින් සිටියෙමු. 

ගංගොඩවිල සෝම හිමියන් සමග සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමේ වගකීම පැවරී තිබුණේ චන්දන  සහෝදරයාට ය. එහෙත් සාකච්ඡාව සඳහා දිනයක් හා වේලාවක් උන්වහන්සේගෙන් ලබා ගැනීමට දුෂ්කර ව තිබිණ. ඒ සෝම හිමියන්ගේ කාර්ය බහුලත්වය හේතුවෙනි. 

දිනය, 2002 දෙසැම්බර් 31 වන දා ය. යම් වැඩ කටයුත්තක් නිමා වී 12.00ට පමණ මම 'සිතිජය' කාර්යාලයට ඒම සඳහා කිරිබත්ගොඩ පසුකර එමින් සිටියෙමි. හදිසියේ ම චන්දන සහෝදරයාගෙන් අැමතුමකි.

''ප්‍රභාත්.. සෝම හාමුදුරුවො අර ඉන්ටවීව් එකට වෙලාවක් දුන්නා.. අද 2.30ට... ඒත් ප්‍රශ්නෙ, මම කලින් යොදාගත්තු වැඩක් 2.00ට තියෙනවා. ඔයාට හාමුදුරුවන්ගේ ඉන්ටවීව් එක කරන්න පුළුවන් නේද?''

සම්මුඛ සාකච්ඡාවක් සඳහා මට පූර්ව සූදානම අත්‍යවශ්‍ය වුවත්, මේ අවස්ථාවේ මට එම සම්ප්‍රදාය අාරක්ෂා කළ නො හැකි වන සෙයකි. වෙලාවට, පටිගත කිරීමේ යන්ත්‍රය මගේ බෑගයේ තිබිණ. උන් වහන්සේගෙන් විමසිය යුතු කාරණා කෙටියෙන් චන්දන සහෝදරයා සමග සාකච්ඡා කළෙමි. එ්වා විමසිය යුතු ප්‍රශ්න ලෙස සටහන් කරගත්තේ ද බසයේදී ය. 

ප.ව. 2.30 වන විට සෝම හිමියන් වැඩ සිටි මහරගම විහාරය වෙත යාමට මා හට හැකි විණි. අපගේ සම්මුඛ සාකච්ඡාව සමන්විත වූයේ, උන් වහන්සේගෙන් මාධ්‍ය ඒ වන විට විමසමින් සිටි සාමාන්‍ය ප්‍රශ්නවලින් නො වේ. ඒ ප්‍රශ්නවලට උන් වහන්සේ ලබා දුන් පිළිතුරුවලින් ද තමන් වහන්සේ පිළිබඳ අනාවරණයක් සමාජය වෙත සන්නිවේදනය විණි. සෝම හි්මියන්ගේ දේශපාලන දැක්ම හා භාවිතය විවාදාපන්න එකක් බව පැහැදිලි විය. 

එ් සියල්ල පසෙක තිබියේවා! 

ඉන් වසරකට පසු, එනම් 2003 දෙසැම්බර් 12 වන දා උන් වහන්සේ හදිසියේ ම අපවත් විණි. ඒ රුසියාවේ සංචාරයක යෙදී සිටින අතරතුර ය. මේ දෙසැම්බරයට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 13කි. 

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සමග ඉන් වසරකට පෙර අප සිදු කළ මෙම සම්මුඛ සාකච්ඡාව, යම් එෙතිහාසික වැදගත්කමක් සහිත එකකි. මින් සෝම හිමියන්ගේ දේශපාලන අාගමනය පිළිබඳ සමාජයට එතරම් අනාවරණය නො වූ පැත්තක් අනාවරණය කරන්නේ ය.සාකච්ඡාව මෙතැන.

4 comments:

  1. ප්‍රභාත්ගේ ලිපි බලන්න මට ඔෆිස් එන්නම වෙනවා. වැඩ ටිකක් අඩු නිසාම මේ ලිපිය ආසාවෙන් කියෙව්වා. සාසනේ අඩු පාඩු වහගෙන හිටිය කාලෙක සෝම හිමියන් ඒ ගැන පෙන්නුවා, සාකඡ්චා කෙරුවා. ඒත් ඉන්න ඕනෙම කාලෙක උන්වහන්සේ අපවත් වුණා.
    ලිපියට ස්තුතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. සෝම හාමුදුරුවෝ ස්ටේජ් එක හදලා දුන්නා. පස්සේ ආපු අය ස්ටේජ් එක උඩ ප්‍රසිද්ධියේ නෑවා.

    ReplyDelete