හිමිදිරියේ පටන්ම සවන්හි අැණෙන
අනේක විධ ඝෝෂාවන්ගෙන් මිදී
මොහොතක්
සොබා දහමට සවන් දෙන්නට අැත්නම් !
කඩා හැලෙන වැස්සක සිරි සිරිය ලෙස ද,
සාංකාසහගත සයුරු රළ නාදයක් ලෙස ද,
සවන් පෙති සිඹ හමන
සරාගී සිහින් මාරුතයක් ලෙස ද,
නිදි නැති නදී දිය ගලා යන නාදයක් ලෙස ද,
දිය අැල්ලක් සොවින් හඬා වැටෙන්නාක් ලෙසද,
නිමක් නැති සියොත් සරයක් ලෙසද,
සිහිනි බිඟු නාදයක් ලෙසද...
නොයෙක ලෙස
සොබාදම අප අමතන
ළා කොළ පැහැති ස්වරයෙහි
වෙලී පැටලී හිඳින්නට අැත්නම් !
නන්විධ විද්‍යුත් බන්ධන - සන්නිවේදන සබඳතා
බිඳ දමාගෙන
අාදි කාලීන වනාන්තරගත මිනිසකු ලෙස
වියපත් තුරු පතක් බිම වැටෙන හඬට සවන් දෙමින්
වන අරණක හුදෙකලා වන්නට අැත්නම්!
බිම වට මහලු තුරු පත් මත
සත්ත්වයකු අැවිද යන පා පියවර හඬ සමග
අවදි වෙන්නට අැත්නම් !
අෑත වන කඳු ප්‍රාන්තයක සිට අහස අතගාන
විසල් තුරු හිස් මෙන් ම,
යටි වියනක වෙසෙන
නමක් නොදන්නා නාඳුනන මල් රේණු
සිඹ හමා එන
අාදරණීය සුළඟේ රහස් ස්වරය
හඳුනාගන්නට අැත්නම් !
සොබා දහමේ එ් අනේක විධ නාද සමග
නිවෙන්නට,
සොබා මියැසිය තුළ
කිමිදෙන්නට අැත්නම් !
නිහඬතාවයේ හඬ සමග
දැහැනකට සමවැදෙන්නට අැත්නම් !
එබඳු සිහින අපේ නූතන සංසාර චක්‍රයෙහි
අප සිත තුළ ක්ෂණයකින් ඉපිද,
එසැණින් මිය යන ඒවා ය.
සොබා දහමේ හඬට
අප සවන් දෙන්නේ කෙතරම් අඩුවෙන් ද?
හර්මන් හෙසගේ 'සිද්ධාර්ථ' කෘතියෙහි අැති
එක්තරා අවස්ථාවක් මට මතක ය.
එනම්,
'නදියට සවන් දීම ය.'
නදියේ නාදය සමග ජීවිතය කියැවීම ය.
සියුම් සොබාදම් හඬකට සංවේදී වන්නට
අපේ දෙෙනික ජීවිතය තුළ අවස්ථා එළඹෙන්නේ
කෙතරම් අඩුවෙන් ද ?
අප හාත්පස පරිසරය මතු නො ව,
අැසෙන හඬ පවා
'කොන්ක්‍රීට් ය' ; කඨෝර ය.
වනගත සංචාරයකදී පවා
අපගේ නාගරික 'කොන්ක්‍රීට් චර්යාවන්'
අපි වන දිවිය මත මුදා නො හරින්නෙමු ද?
වනාන්තරයේ න්‍යාය පත්‍රයට අනුගත ව
එය විඳින්නේ කීයෙන් කී දෙනා ද?
නමුත්,
සොබා දහමේ පළා පැහැති නාදය
අපගේ හද මනස නිවන සුලු ය.
අපට නිවෙන්නට ද,
අනෙකා නිවන්නට ද
පොළඹවන සුලු ය.
ඉදින්
අාදරණීය සහෘදයිනි,
එබඳු පළා පැහැති ස්වර - නාද,
හද නිවා සනහමින්
නො නිමි සැහැල්ලුවක අප සතපවන නාද
සයිබර් අවකාශයේ සොයා ගිය ගමනක
පියවර කිහිපයකි,
මේ.
ඔව් ප්‍රභාත්. සොබාදහම සමග අපට ඉන්න පුලුවන්නම් එය විඳගන්න පුලුවන්නම් ලොකුදෙයක්. කුරුලු හඬ, වැහි වැටෙන හඬ , සුළඟ කොයිතරම් විවිධද ? ඒත් අදවෙනකොට විනාශවෙන පරිසරය දැක්කාම ඇතිවෙන්නේ දුකක්.
ReplyDeleteජයවේවා!!!
දුමින්ද, මේ සමග දක්වා තිබෙන සොබා දහමේ ශබ්ද සමග බැඳුණු සංගීත නාදවලට සවන් දෙද්දි දැනෙන හැඟීම් විඳ බලන්න.
Deletehttp://ravaya.lk/?p=16945
ReplyDeleteදිය පාරකට, ගඟකට ආදරය කරන්න පුළුවන්ද??
ආදරයෙන් බැඳෙන්නෙ කොහොමද??
ස්තූතියි උඩුවා. මම බලන්නම්.
Deleteමට හරි ආසයි කවදා හරි දවසක අභ්‍යාවකාශයේ තියෙනවා කියන අපූරු නිෂ්ශබ්ධතාවයට සවන් දෙන්න.
ReplyDeleteඅපි කොතරම් පෘථිවියේ කෘත්‍රිම ශබ්දවලින් වෙහෙසට පත්වෙලාද කියා හිතෙනවා. නිශ්ශබ්දතාවයට, නිහඬතාවයේ හඬට සවන් දෙන්න පුළුවන්නම්... ඒ සංවේදීතාව ජීවිතයට ඉතාම වටිනවා.
Deleteමේක කියවද්දි මට මතක් උනේම අරණකට පෙම්බැඳ නවකතාව ඒ නවකතාව කියවනකොට දැනෙන හැඟීම්ම මේ නිර්මාණය කියවනකොටත් විඳින්න පුලුවන්
ReplyDeleteහඳ එළියෙ කැලේ යනකොට වගේ..
Delete'අරණකට පෙම් බැඳ' නවකතාව තරම් සොබා දහම සංවේදීව ජීවිතයට බද්ධ කළ වෙනත් සාහිත්‍ය නිර්මාණයක් මට මෙතෙක් කිසිදු තැනක හමු වී නැහැ, ශානි. එය පරිවර්තනය කළ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මියගේ වංග භාෂා පරිවර්තන හැකියාවේ විශිෂ්ටත්වය ඒ කෘතිය පුරා දකින්න පුළුවන්. නිසි අැගයුමක් නොලබා අැය ජීවිතයෙන් නික්මයාම ගැන අැතිවන්නේ දුකක්.
Deleteශානි මේ සමග මම දක්වා අැති ලින්ක්වලින් යා හැකි අපූරු සංගීත නාදවලට ඔබ සැම යොමු කරවන්නයි මම මේ සටහන මගින් බලාපොරාෙත්තු වුණේ. ඒ නාද අැසුවේ නැතිනම් අසා බලන්න. බොහෝ දුර සිතිවිලි ගමන් කරාවි. අපූරු සැහැල්ලුවක් දැනේවි.
නැවුම් හැඟීමක් දැනෙනවා...මේ දවස් වල සීතලයි... රෑට හුළං හමනවා.. පොඩ්ඩක් එලියට බැහැල බලන්න.සුවඳත් වෙනස්.. සද්දෙත් වෙනස්.. දැනීමත් වෙනස්..
ReplyDeleteජයවේවා..!!
ස්තූතිය් ගස්.
Deleteදියුණුවත් සමග අප අතරමඟ දමා පැමිණ අැති සොබා දහමේ වටිනා දේවල් කොතරම්ද කියා සිතෙනවා. සොබා දහම සමග අපට දැනෙන නැවුම් බව, සැහැල්ලුව වෙනත් කිසිම දෙයකින් ලබන්න පුළුවන්ද? උඳුවප් මාසය ළං වෙන විට පරිසරයේ අැතිවන්නේ සොඳුරු වෙනස්කම්. අපේ අාකෘතිගත වුණු ජීවිතවලින් මොහාෙතකට හරි එළියට අැවිත් මේ සොබා දහම් විඳිද්දි, සිතට දැනෙන සැහැල්ලුව කියා නිම කරන්න බැහැ.
ජය !
good...
ReplyDelete