මතු යම් දිනෙක
යළි මෙහි මුණ ගැසෙන තුරූ
'ඉතිං අායුබෝවන්'
බ්ලොග්වරුනි ගරූ !
'දේශප්‍රේමී' යන වචනය තරම් මෑත ඉතිහාසයේ පට්ටා ගැසූ වචනයක් තවත් නැති තරම් ය. ඒ වචනය පුද්ගලයින් / දේශපාලකයින් සමග සම්බන්ධකිරීමත් සමග එම සංකල්පයට හිමි වටිනාකම පහළ වැටී තිබෙන සෙයකි. දේශප්‍රේමීත්වය විමල්ගේද? මහින්දගේද? ගම්මන්පිලගේද?
චම්පිකගේද? ඥානසාර හිමියන්ගේද? ගමේ අාරොන් මාමාගේද? (තවත් මෙබඳු නම් රැසක් මීට එකතු කිරීමට
පිළිවන.)යි සෙවීම නිශ්ඵල කටයුත්තකි. 'දේශප්‍රේමීවීම' අැතැමුන්ට අනුව නම් 'රෝගයකි.'