වවුලා විදුලි රැහැනෙහි එල්ලී මියගොස් තිබෙන්නේ ඊයේ හෝ පෙරේදා රාත්‍රියේ ය. උගේ මළ සිරුර මගේ නෙත ගැටුණේ අද උදෑසන ය. අාලින්දයේ සිට බලන විට එක එල්ලේම පෙනෙන්නේ වවුළාගේ මළ සිරුර ය. සද්දන්ත වවුලකු නිවස ඉදිරිපිට විදුලි රැහැනක එල්ලී මිය ගොස් සිටිනු දුටු වහා ම සිතට නැගුණේ අපුළකි. ඉනික්බිති අනුකම්පාවකි. සම්පූර්ණ කතාව මෙතැන.
මේකනම් හරිම අපූරුයි මතුපිටින් සරළ කතාවක් වගෙ හිතුනට යටි පෙල බොහොම කාලීන අර්ථවත් බවක් මතු කරනව.මමනම් කතාව බොහොම රස වින්දා
ReplyDeleteස්තූතියි ශානි.
Deleteඋඹටනම් පිස්සු
ReplyDeleteහැහ්! සිරාවටම.
Deleteඅපි පොඩි කාලේ කිව්වේ වවුලා ගෑණි එක්ක තරහා වෙලා ඇවිත් කරන්ට් වයර්වල එල්ලෙනවා කියලා.
ReplyDeleteඒ, ඒ කාලෙ.දැන් කාලෙ වෙන්නෙ මෙහෙම.
Deleteවවුලකුගේ මරණය සමග මිනිස් සමාජයේ පැති කීපයක් විග්රහ කිරීමට ගත් හොඳ උත්සාහයක්. අපූරුයි ප්‍රභාත්. මීට පෙරත් ප්‍රභාත්ගේ කෙටි කතා කීපයක් තිබුණත් වෙලාවක් හොයාගන්න බැරිවුණා කියවන්න. වෙලාවක ඉදිරියේදී ඒවත් බලන්නම්.
ReplyDeleteඔව් දුමින්ද. ඉඩ තිබෙන වෙලාවක ඒවත් කියවල බලන්න.
Deleteවවුලෙක් කල හදියක්.. දවසින් දවස සතුටුයි උඹව ඇඩ් කරගත්ත එක ගැන.
ReplyDeleteජයවේවා..!!
ජීවිතය දිහා, සමාජය දිහා රාමුවෙන් පිටතට වෙලා පිටස්තරයෙක් වගේම, ටිකක් විකාරරූපීව බලන්නත් මම කැමතියි.එතකොට සාමාන්‍යයෙන් අපට එදිනෙදා පෙනෙන දේවල්වලට වඩා ගොඩක් ක්ෂුද්‍ර දේවල් දකින්න පුළුවන්. කෙටිකතාකරුවෙක් විදියට මම සාර්ථකද කියන්න මම දන්නෙ නැහැ. නමුත් මගේ මේ පරිකල්පනයන් ඔස්සේ තව ලියන්නෙකුට මීට වඩා ඔබ්බට, වඩාත් අපූරුවට ලියන්න මේවා යම් උත්ප්‍රේරක වෙන්න පුළුවන්. මගේ වෑයම ඒ වෙනුවෙනුයි, ගස්. මගේ බ්ලොගය අැඩ් කරගත්ත එක උඹට ප්‍රතිලාභයක් වීම ගැනත්, උඹ එය කීම ගැනත් අැත්තටම සතුටුයි.
Delete