Monday, December 5, 2016

ඉතිං අායෙමත් ලියන්න සේකර මා අාදර කිවිඳේ .. : මේ ගීය නෑසූ ඔය සවන් කුමටද?


සේකර නික්ම ගොස් ය. සරත්චන්ද්‍ර නික්ම ගොස් ය. ජෝතිපාල නික්ම ගොස් ය. කපුගේ නික්ම ගොස් ය. කේමදාස නික්ම ගොස් ය. අමරදේව ද ගිය මාසයේ නික්මිණ. මහා හිස්තැනක්, දරාගත නො හැකි සාංකාවක් දැනේ. ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට සිතෙන්නේ නැත. එය අාත්මාර්ථකාමී සිතිවිල්ලක් බව සැබැවි. එ්ත් මේ පිරිස නැති සංසාරය කෙතරම් නීරස වනු අැත්දැයි නිකමට සිතා බලන්න. නැවත නැවත සංසාරේ හමුවන්නට පතන කීප දෙනා අතර ඔවුහු නිසැක ව ම හිඳිති.

අමරදේව නික්ම ගිය දා අපට දැනුණු සාංකාව නිම් හිම් නැති එකක් බව රහසක් නො වේ. මෙබඳු සාංකාවකට පත් වූ එක්තරා ගීත රචකයෙක් එය දරාගත නො හැකි තැන, ඒ හැඟීම අපූරු ගීත රචනාවක් බවට පත් කරන්නට සමත් විය. සේකර ද, සරත්චන්ද්‍ර ද, ජෝතිපාල ද, කපුගේ ද, කේමදාස ද, අමරදේව ද දැන් එක පැදුරක හිඳ සිය නිර්මාණකරණය දල්වා ලන අයුරු සිය පරිකල්පනය තුළ මවන්නට ඒ ගීත රචකයාට සිතිණ. ඔහු නව පරපුරේ ගීත රචකයින් අතර වඩාත් ඉදිරියෙන් සිටින ගීත රචකයකු ලෙසත්, ස්වීය අනන්‍යතාවක් ගොඩ නඟා ගනිමින් ඉදිරියට යන ගීත රචකයකු  ලෙසත් ප්‍රකට රජී වසන්ත වෙල්ගම ය. එ් ගීත රචනයට ගී තනුව රෝහණ ධර්මකීර්තිගෙනි. ජානක වික්‍රමසිංහගේ හඬ අප හදවතෙහි ගැඹුරට ම කිඳා බසින්නේ ය. මෙන්න ඒ අපූරු ගීතය.

5 comments:

  1. අපේ දෙමව්පියන්ගේ ප්‍රියතමයන් වූ විජය, ගාමිණී, මෙන්ම ඔය කියන පිරිසද නැතිවීම සිංහල චිත්‍රපටයට මෙන්ම ගීතයටද විශාල පාඩුවක් නොවන්නේද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අැත්ත දුමින්ද. ඒ හිස්තැන් එන්න එන්නම පුළුල් වෙමින් පවතිනවා.

      Delete
  2. ප්‍රභාත්.....මම මේ ගීතය දෙතුන් වතාවක් මීට පෙර සවන් දුන්නා. ඉතාමත් සොඳුරු නිර්මාණයක්. පද රචනය ඉස්තරම්. ඇත්තටම ඉසතරම්. සංගීතය , පදවැලෙන් පදවැලට එහා මෙහා වෙන හැටි අපූරුයි. ජානක දක්ශ ගායකයෙක් බව ඔහුගේ සමහර ගීත වලින් ඔහු ඔප්පු කර තිබෙනවා. හැබැයි ...කපුගේ තරම් මහ පොලවට සමීප සුන්දර මනුස්සයෙක් බව ඔය කොයි කවුරුත් තවම අපට ඔප්පු කර පෙන්වා දී නැහැ. මහ පොලවට සමීප මිනිසා සැබෑම කලා කාරයෙක්. මහ පොලව කියන්නේ මම, අපි සහ මේ සියළු ස්වභාවික ක්‍රියාකාරකම්.

    ReplyDelete
    Replies
    1. ////ස්වභාවික ක්‍රියාකාරකම්. ///////
      ස්වභාවික හා සමාජ ක්‍රියාකාරීකම් කියලා නිවැරදි කරමි.

      Delete
    2. අරුණගේ අදහසට මම එකඟයි. කපුගේ තරම් සමාජ - දේශපාලන ක්‍රියාකාරීත්වයක් සහිත, දැක්මක් සහිත ගායකයකු තවත් නැහැ. එවැන්නන් වර්තමාන සමාජ-අාර්ථික තත්ත්වයන් තුළ ගොඩනැඟෙන්නේද නැහැ. කපුගේගේ හඬ පාසල් ශිෂ්‍යයකු වශයෙන් මම මුලින්ම අැසුවේ 90 ගණන්වල මැද අපේ පාසලේ සංවිධානය කළ 'කම්පන' ප්‍රසංගයේදී. විරහවද, ප්‍රේමයද, සමාජ කතිකාවන්ද ඔහුගේ නාසික්‍ය හඬින් අාත්මයටම වදින්නට දැනෙනවා. කපුගේගේ පුතාත්, කපුගේගේ සහෝදරයාත් ඔහුගේ ගීත ගයාවි. නමුත් කපුගේ වැනි මිනිසෙක් ...!

      Delete